lan englan tam

පුවත්

බාහිරින් මොනවා කළත් ඇත්ත ඩ්‍රාමා එක තියෙන්නේ තමන්ගේ ඇතුළේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'මිණිනේත්‍රනී' ගීතය හේතුවෙන් මෑතකදී වඩාත් අවධානයට පාත්‍ර වූ උමාලි තිලකරත්න චරිතාංග රංගන ශිලිනිය මෙවර 'මතක පද' සංවාදාත්මක යූටියුබ් වැඩසටහනට පසුගිය සිකුරාදා (07) සහභාගි වූවාය.

'මිණිනේත්‍රනී' ගීතයේ රූප රචනාවට දායක වීමෙන් සහ අනතුරුව එම ගීතය ගායනා කිරීමෙන්ද උමාලි බෙහෙවින් රසික ප්‍රජාව අතර ආදරයට පාත්‍ර වූවාය.
ගැමුණු වන්නිනායක මෙහෙයවන 'මතක පද' යූටියුබ් සංවාදය සඳහා සහභාගි වූ උමාලි එහිදී තම ජීවිතයේ බොහෝ මතක ප්‍රකාශ කළ අතර "සැබෑ රංගනය තියෙන්නේ තමන්ගේ ඇතුළෙ" යැයිද ප්‍රකාශ කළාය.
ජපානයේ ඉගෙනුම ලබන අවධියේ අත්දැකීම්, ආදරය, වියෝගය මෙන්ම ජපාන වචන උච්චාරණය කරන ආකාරයද අපූරු ලෙස පැහැදිලි කරන්නීය.
"ඉස්කෝලෙ ගිහින් ඉවර වෙලානේ ජපානෙ යන්නේ. එතකොට මගෙ පළවෙනි 'බෝයි ෆ්‍රෙන්ඩ්' හම්බ වෙනවා ජපන් ජාතිකයෙක්. ඒ තෝකියෝවල නගරයක. එයාගෙ තාත්තා දොස්තර කෙනෙක්. අම්මා ගෘහණියක් වුණාට සංගීතයට ලොකු නඹුරුවක් තිබිච්ච කෙනෙක්. හරීම මිත්‍රශීලී, හරීම ලස්සන මතක තියෙන බොහොම කෙටිකාලීන සම්බන්ධයක් ඒක. මොකද ආපහු මම ලංකාවට ආ නිසා. හැබැයි ඔහු හරහා ඒ පවුල් සමාගම් දකින්න ලැබුණා. හැඟීම්බර වුණත් ඒක ගොඩක් පෙන්වනවා අඩුයි." යනුවෙන් ඇය එහිදී සඳහන් කරන්නීය.
'මතක පද' සෑම සිකුරාදාවකම සවස 04ට එම යූටියුබ් නාලිකාවේ විකාශය කෙරේ.

Back to top
Go to bottom

Popular News