lan englan tam

පුවත්

සන්නස්ගල 'අප්පා' වෙනුවෙනුත් පොතක් ලියයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

උපුල් ශාන්ත සන්නස්ගලයන් සිය 'අම්මා' පිළිබඳ කෘතියක් රචනා කර කල් ඉක්ම ගිය තැන 'අප්පා' පිළිබඳව කෘතියකටද සූදානම් වන බව පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබඳව සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 'අම්මා' ගැන පොතක් ලීව්වාට පස්සේ 'අප්පා' ගැන පොතක් ලියන්නට හිතුණා. අම්මා දකුණේ නිසා උතුරේ අප්පා ගැන ලියන්න තීරණය කළා. අප්පාට මූල ප්‍රස්තුතය රාජිනී තිරාණගමගේගේ අප්පා.
අප්ප සිංහල පොත ලියන්නේ මං. දෙමළ පොත සාමිනාදන් විමල්. ඉංග්‍රිසි පොත කරිකාලන්. අප්පා පොතේ වැඩේට මමත් මොල සෙනෙවිරත්නත් කීප විටක් යාපනේ ගියා. අප්පා එක්ක සතුටු සාමීචි කතා සප්පායම් වුණා. අපේ පරිවර්තක මිතුරාත් විමල්. වැඩේ යන අතරමග අප්පා මළා. වැඩේ එතනින් ඉවරයි.
අම්මා වීරවරිය වූ මගේ ලෝකයේ මගේ දුෂ්ටයා අප්පච්චි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මගේ ශිෂ්‍යභාවය අහොසි කළා. ඒ ආරංචිය අප්පච්චිට රෙජිස්ටර් තැපෑලෙන් ලැබුණා. එදා ඉදන් අප්පච්චිගේ ලෝකයේ වීරයා මම වුණා.
1 අපි දෙන්නා ඊට පස්සේ යාළුවෝ වුණා.කරට අත් දාගෙන කයිවාරු ගැහුවා.
2 මම සෝඩා අයිස් දාලා විස්කි බීවට අප්පච්චිට සෝඩා නොදා අසෝක වීදුරුව පිරෙන්න රොක් ගහන්න ඕන. එයා සම්පූර්ණ අන්ධ අප්පච්චි කෙනෙක්. අත් දෙකින් වීදුරුව අල්ලගෙන ගුඩු ගුඩු ගාල එක හුස්මට වීදුරුව ම බොනවා.
3 අප්පච්චී Vඓඵ් රාජකීය ගෞරවයෙන් බිබිලේදී අදාහනය කළා.
4. උතුරේ අප්පා.
ප.ලි.
මේවා ලියන්න කම්මැලි.
මේවා කියන්න ඕන.
පළමු සාක්ච්ඡාව මළ ගෙදර අන්‍යාගමික දේශනාව හල්දුම්මුල්ල පල්ලියා ෆාදර් බර්නාඩ්.

Back to top
Go to bottom

Popular News