lan englan tam

පුවත්

ලියෝ තෝල්ස්තෝයිගේ නිවස 'යස්යනා පොල්යානා'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ මේ දිනවල රුසියාවේ සංචාරයක නිරතව සිටින අතර එහි සාහිත්‍ය රසිකයින් වඩා ප්‍රිය කරන බවට අනුමාන කළ හැකි චරිත හා ස්ථාන පිළිබඳව සිය සමාජ ජාලයෙන් බෙදා ගනිමින් සිටී.

ඊයේ දිනයේ ඔහු ගිය ස්ථානය වී තිබුණේ ලෝක ප්‍රකට සාහිත්‍යධර ලියෝ තෝල්ස්තෝයිගේ නිවසය. ඒ පිළිබඳව ඔහු කළ බෙදා ගැනීම මෙසේය.

ඊයේ දවස ගතවුණේ මොස්කව් සිට කි.මී. එකසිය ගණනක් එපිටහින් පිහටි තූලා නගරයේ ලියෝ තොල්ස්තෝයිගේ නිවහන වූ යස්යනා පොල්යානා හී දී ය.
මෙහි පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ 1910 නොවැම්බර් 10 වන දින පාන්දර ජාමයේ තම වෛද්යවරයාද කැටුව රහසිගතව නිවසින් පිටව යාමට පෙර ඔහු අවසන්වරට කියවූ පොතයි. එය පියදෝර් දොස්තයෙව්ස්කිගේ 'කරමසෝ සහෝදරයෝ' ය.
වීදුරු ආවරණය තුළ එම කෘතියේ ඔහු එය අවසන් වරට කියවා තබා ගිය පිටුව එළෙසින්ම පෙරළා තබා ඇත.
දෙවන ඡායාරූපයේ ඇත්තේ 1910 නොවැම්බර් 20 වන දින තොල්ස්තෝයි ඇස්ටොපොවෝ දුම්රියපළේදී මිය ගිය පසුව යස්යනා පොල්යානා වත්තේ මැද කොටසක, ඕක් තුරු ගොමුවකින් වටව ඔහු මිහිදන්ව සිටින අයුරුය.
Back to top
Go to bottom

Popular News