lan englan tam

පුවත්

Oozhi කොළඹට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දර්ශන කිහිපයක් වාරණයට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ තිර ප්‍රදර්ශනය ඇරඹූ Oozhi සිනමාපටය ජුනි 22 සිට 24 වැනිදා දක්වා කොන්කෝඩ් - දෙහිවල, රීගල් දෙමටගොඩ, කොළඹ - පීවීආර්, වන් ගෝල්ෆේස් හි තිරගත වෙන බව එහි සංවිධායකයෝ පවසති.

වාරණය නිකුත් කිරීමෙන් අනතුරුව චිත්‍රපටයේ විශේෂ තිරගත කිරීමක් යාපනයේදී සිදු කර තිබේ.
ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු සිනමා අධ්‍යක්ෂ රංජිත් ජෝසප්ගේ චිත්‍රපටයක් වන මෙය ශ්‍රී ලංකාවේ 'අඳුරු වියක්' (Oozhi - A Dark Age) යනුවෙන් හඳුන්වා දෙමින් තිර ප්‍රදර්ශන ඇරඹිණි.
ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් රැසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇති Oozhi 2009 යුද සමයේදී යුද්ධයේ කටුකත්වයට මුහුණ දුන් ජනතාවගේ ජීවන තත්ත්වය සහ සංස්කෘතික ශ්‍රේෂ්ඨත්වය විදහා පෙන්වන චිත්‍රපටයක් ලෙස හඳුන්වේ.
මෙය ප්‍රංශ සහ ඉංග්‍රීසි උප ශීර්ෂ සහිතව තිරගත වේ.

Back to top
Go to bottom

Popular News