lan englan tam

පුවත්

Paradise කේසව් - අම්රිතා ලංකාවට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තිර ප්‍රදර්ශනය ඇරඹූ Paradise චිත්‍රපටයේ කේසව් සහ අම්රිතා ලෙස ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වන රෝශන් මැතිව් සහ දර්ශනා රාජෙන්ද්‍රන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මෙම නළු නිළි යුවල ලංකාවට පැමිණීමට නියමිත අතර මීට පෙර ඔවුන් ලංකාවට පැමිණියේ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහාය.
ඉන්දු - ශ්‍රී ලංකා සම සහයෝගයෙන් නිර්මාණය වූ සිනමා නිර්මාණයක් ලෙස සලකන ප්‍රසන්න විතාන්ගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය සඳහා මේ වන විට සාර්ථක ආරම්භයක් සහිතව තිර ප්‍රදර්ශනය සිදු වන බව ලාංකේය මෙන්ම ඉන්දීය මාධ්‍යද වාර්තා කර තිබිණි.
රෝෂන් මැතිව් සහ දර්ශනා සමග චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලාංකික නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.

Back to top
Go to bottom

Popular News