lan englan tam

පුවත්

සැමට කොටස්කාරයෙක් විය හැකි වේදිකාවක් පූජිත ද මෙල්ගෙන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නාට්‍ය ගැන උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට සම්බන්ධ විය හැකි වේදිකාවක් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ පූජිත ද මෙල් විසින් තනනු ලැබ ඇති බවත් ඒ සඳහා කැමැත්ත දක්වන අයට සහභාගි විය හැකි බවට වන ඇගයුමක් වෘත්තීය ඡායාරූපකරණයේ ශිල්පියෙකු වන ආනන්ද ජාගොඩ විසින් පළ කරනු ලැබ තිබේ. ඒ පිළිබඳව ඔහු පළ කළ සඳහන මේ සමග පළ කෙරේ.

මගේ දිගුකාලීන සගයෙක් වන පූජිත ද මෙල් අලුත් වැඩක් කරන්න අරගෙන. ගාමිණී විජේතුංගගෙන් පස්සෙ මාත් එක්ක වැඩියෙන්ම වැඩකරපු සිංහල Copywriter තමයි පූජි. මාත් එක්ක එකම ඔෆිස් එකේ අවුරුදු ගාණක් එකට වැඩකරපු දා ඉදල අද දක්වා මට හමු වූ හොද මිතුරන්ගෙන් කෙනෙක්. ඒ වගේම ඇදහිය නොහැකි තරම් වචන මාලාවක් තියෙන නිර්මාණශීලී පිටපත් රචකයෙක්. ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍යය වූ රාජ්‍ය සම්මාන දිනූ "අසිනමාලි" තමයි වේදිකාවෙ කඩඉම. European Drama Festival (Denmark), World Drama Festival (South Korea) සඳහා ලංකාව නියෝජනය කලෙත් ඔහු.
පහුගිය දවසක, පූජි ඔහුගේ අලුත්ම පර්යේෂණාත්මක නාට්‍යයේ පෙරහුරුවක් බලන්න මට ආරාධනා කළා. ඉතින් මම තමයි එදා එකම නරඹන්නා වුනෙත්. ඇත්තටම ඒක කැපී පෙනෙන වෙනස් නිර්මාණයක් වේවි කියල හිතෙනව. නැසීගිය ආචාර්ය හෙන්රි ජයසේනයන් අනුවර්තනය කරපු ටෙනසි ​​විලියම්ස්ගේ ප්‍රකට නාට්‍යයක් වන ‘The Glass Menagerie’ හි සිංහල අනුවර්තනය අනුසාරයෙන් වේදිකාවට එන්නෙ ‘පලිඟු රෑණ’ (Palingu Reena) නමින්.
සිහින හා අරගලවලට මුහුණ දෙන වින්ග්ෆීල්ඩ් පවුලේ අමන්දා, ටොම්, ලෝරා සහ ජිම් මෙතනදි නරඔන්නාට මුණගැහෙන්නෙ වෙනස්ම පසුතලයක, වෙනස්ම විදියකට. මෙම හෘදයාංගම නාට්‍යය ආදරය, සිහින සහ ඔවුන්ගේ පැවැත්මේ යථාර්ථයට මුහුණ දෙමින් අපව වෙනස් විදියකට, වෙනත් මානයකට අරගෙන යනව. ඒක අපේ ජීවිතවල පරිකල්පනය සහ යථාර්ථය අතර ඇති සියුම් සමතුලිතතාවය පිළිබඳ සුන්දර පිළිබිඹුවක්.
අමන්දා විදියට රගපාන්නෙ චාන්දනී සෙනෙවිරත්න. සේවියර් කණිෂ්ක ටොම් ගෙ චරිතයත්, මනුෂි ටානියා ලෝරා ලෙසත්, බිම්සර සිල්වා ජිම්ගෙ චරිතයටත් පණ පොවනව, මෙතනදි කියන්න ඕන චාන්දනී අක්ක පුහුණුවෙනව බලන් හිටියත් කොච්චර ආකර්ෂණීයද, ඒ වෙනුවෙන් ඇය කොච්චර කැපකිරීමක් කරනවද කියල. ඇගේ පලපුරුද්ද ලෝබ නැතුව නවකයින් එක්ක බෙදාගන්න එකත් මාරයි, සේවියර් කණිෂ්කත් හොද අනාගතයක් තියෙන, දිගු ගමනක් යන්න පුලුවන්, බර කරට අරගෙන වැඩ කරන කෙනෙක්. ඒක හොද teamwork එකක්. වේදිකා නාට්‍යයක් කියන්නෙම මාර දුෂ්කර ව්‍යායාමයක්. ඒක කරන්න ඒකට ‘ගායක්’ තියෙන්නම ඕන.
ඉතින් අගෝස්තු මාසෙ අන්තිම සතියෙදි මේ අලුත් අත්දැකීම ජනගත වෙනකොට ඒකෙ කොටස් කාරයො වෙන්න කියල හැමෝටම ආරාධනා කරනව.
තව දෙයක්, මේක සාම්ප්‍රදායික වේදිකාවෙ පෙන්නන එකක් නොවෙන නිසා නාට්‍ය ගැන උනන්දුවක් දක්වන ඕනම කෙනෙකුට පූජි එක්ක එකතුවෙලා මේ වැඩේට උදව් කරන්නත් පුලුවන්.

ආනන්ද ජාගොඩ

Back to top
Go to bottom

Popular News