lan englan tam

පුවත්

ව්‍රායි, දිනුෂි එක්ව පවත්වන BIRDS OF PARADISE

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ව්‍රායි කැලී බල්තසාර්, දිනුෂි පමුණුව එක්ව පවත්වන මංගල චිත්‍ර ප්‍රදර්ශනය පාරාදීසයේ කුරුල්ලෝ - BIRDS OF PARADISE ජූලි 19 සිට 25 දක්වා උදෑසන 10 සිට සවස 05 දක්වා Curado Art Space, 302, පාර්ක් රෝඩ්, කොළඹ 05හිදී සහෘද සැම සඳහා විවෘතව පවතී.

ශ්‍රී ලංකාවේ මනස්කාන්ත පරිසරය, පක්ෂි විශේෂ 524කට නිවහනකි. ඉන් 34ක් ආවේණික පක්ෂීහු වෙති. මෙම අද්විතීය ජෛව විවිධත්වය බරපතල තර්ජනවලට මුහුණ දෙමින් සිටියි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන විනාශය, වාසස්ථාන අහිමි වීම මෙන්ම දේශගුණික විපර්යාස ආදිය, මෙම පක්ෂීන් මුහුණ දෙන අභියෝග වේ.

 

vrai පර්යේෂිකාවක සහ දේශපාලන ක්‍රියාකාරිනියක වන ව්‍රායි

 

පර්යේෂිකාවක සහ දේශපාලන ක්‍රියාකාරිනියක වන ව්‍රායිට, කුරුල්ලන්ගේ ලෝකය හා බැඳුණු මෙම සිතුවම් ගවේෂණය ඇගේ සංකීර්ණ ජීවිතයේ සැනසීම සහ ප්‍රීතිය ලබා දෙන ගැඹුරුතම චාරිකාවකි.


මෙම ප්‍රදර්ශනය, ස්වභාව ධර්මය කෙරෙහි වන ආදරය බෙදා ගැනීමට මෙන්ම අප නිවසන මෙම පාරාදීසය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කිරීමට වේදිකාවක් ලෙසද ක්‍රියා කරනු නිසැක බව ප්‍රදර්ශනයේ සංවිධායක්යෝ පවසති.

PHOTO 2024 07 04 11 23 40 3
 ව්‍රායි කැලී බල්තසාර්


ව්‍රායි සමග, වෘත්තීය විලාසිතා නිර්මාණවේදිනියක වන දිනුෂි පමුණුව මෙම ප්‍රදර්ශනයේදී එක්ව කටයුතු කරයි.


දිනුෂි බතික් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අතර ඇය බතික් ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ නවීන නිර්මාණ ඔස්සේ සාම්ප්‍රදායික බතික් ක්‍රමයට සහ බතික් ශිල්පීන් හට පිළිගැනීමක් ලබාදීමට ප්‍රයත්න දරන්නීය.


දිනුශිගේ වැඩ කටයුතු බ්‍රිතාන්‍යයේ 'වෝග්' සඟරාවෙහිද පළ කර ඇති අතර, මිලාන් විලාසිතා සතියේදීද ප්‍රදර්ශනය කර ඇත. විලාසිතා කර්මාන්තය වැඩි වැඩියෙන් ඩිජිටල් ප්‍රවණතා වැළඳ ගන්නා සමයක, දිනුෂි සම්ප්‍රදායික බතික් ශිල්පය ආරක්ෂා කිරීමට කැප වී සිටියි.


ව්‍රායි සමඟ ඇයගේ සහයෝගීතාවය, මෙම කලා ශිල්පය විචිත්‍රවත් ලෙස සමාජගත කිරීමට වැදගත් අවස්ථාවක් ලබා දෙයි.

Back to top
Go to bottom

Popular News