lan englan tam

පුවත්

UNCOVER පස්දින ඡායාරූප ප්‍රදර්ශනය අද සිට කොළඹදී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය විසින් ප්‍රමාණවත් ලෙස සාකච්ඡා නොකරන ප්‍රශ්න එළිදැක්වීමේ අරමුණින් සංවිධානය කෙරුණු දින පහක් පුරා දිවෙන ඡායාරූප ප්‍රදර්ශනයක් අද (4) සිට කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයේදී විවෘත කෙරේ.

“ආගම ඇදහීමේ හෝ විශ්වාස දැරීමේ නිදහස උල්ලංඝනයේත්, ඉඩම් කොල්ලයේත්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේත් වින්දිතයන්ගේ සැබෑ ජීවන අරගල හා සැඟවුණු කතාද, මලය දෙමළ ප්‍රජාවේ ප්‍රශ්නද UNCOVER ප්‍රදර්ශනයෙන් නිරාවරණය කෙරෙනු ඇතැ,” යි ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සංවිධානයේ ‘ඇක්ට් නව්’ ව්‍යාපාරය පවසයි.

ප්‍රදර්ශනයේ දෙවැනි දිනයේ උතුරු නැගෙනහිර ඉඩම් කොල්ලය අලලා වාර්තා සිනමාවේදී සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවේදී ශ්‍රීධරන් සොමීදරන් විසින් නිර්මාණය කරන ලද ‘තායිනිලම්’ වාර්තා චිත්‍රපටය තිරගත කෙරෙනු ඇත. ඉන් අනතුරුව කතිකාවකි.

අවසන් දිනයේ මලය කඳුරට දෙමළ ප්‍රජාවට යුක්තිය සලසා දීම පිළිබඳ සාකච්ඡාවකි.

ජුලි 5 සහ 8 දෙදින පැවැත්වෙන එම අතිරේක සභා ආරම්භ වන්නේ පස්වරු 3.30 ටය.

Source: The Leader

Back to top
Go to bottom

Popular News