lan englan tam

පුවත්

නිවේදිකාවන්ගේ පෙරහරේ කසකාරිය සුමනා නෙල්ලම්පිටිය සමුගනී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වයස අවුරුදු 80ක් ආයු වළඳමින් සිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නිවේදිකාව වුණු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

සම්මානලාභී ප්‍රවීණ නිවේදිකාවක වූ ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් වන්නේ වර්ෂ 1962දී වෙළඳ සේවයේ සහාය නිවේදිකාවක ලෙසය.
පිබිදෙන ගායක පරපුර, ඕවල්ටීන් පැනපොඩි, රේඩියෝ සඟරාව ඇය විසින් ඉදිරිපත් කරන ලද ජනප්‍රිය වැඩසටහන් විය.
ස්වාධීන රූපවාහිනියේත්, ජාතික රූපවාහිනියේත් පළමු ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය නිවේදිකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ "උම් අල් ක්වේන්" ප්‍රාන්තයේ ප්‍රථම සිංහල ගුවන්විදුලි නාලිකාවේ ශ්‍රී ලාංකික නියෝජනය විය.
ශ්‍රී ලංකාවේ වර්තමාන නිවේදිකාවන් එන මග පළමු පියවර තැබූ එතුමියට අපගේ ප්‍රණාමය මෙන්ම ගෞරවයද පළ කරමු!

Back to top
Go to bottom

Popular News