lan englan tam

පුවත්

පාසල් නිවාඩුවේ දරුවන්ට වටින වැඩක් ගන්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හර්ෂණ වික්‍රමසිංහගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන “හොරා අන්කල්” චිත්‍රපටය අද (09) සිට තිරගත කිරීම් ඇරඹීමට නියමිතය.

මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, ජනක කුඹුකගේ, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, අනුරුද්ධිකා පාදුක්කගේ, රයන් වෙන්දබෝට් සහ සෙනුල්යා දන්තනාරායන, දෙවිදි සතික්ෂා, නෙත්ප්‍රිය මනුභාෂිත යන ළමා නළු නිලි පිරිසක් මේ සඳහා රංගන දායකත්වය සපයති.
සිනමාපටයේ සහය අධ්‍යක්ෂණය තරිඳු ඉලංගකෝන් සහ අමිල සඳුන්, කැමරා අධ්‍යක්ෂණය සුරේෂ් ධම්මික, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්තගේ, සංගීතය නවරත්න ගමගේ, නර්තන අධ්‍යක්ෂණය නිලාන් මලීගැස්ප, නිෂ්පාදන කළමනාකරණය හේශීකා අබේවර්ධන, ඇඳුම් නිර්මාණය ප්‍රියාන් අනුර ශ්‍රී, අංගරචනය මනනුවන් රූපසිංහ, සංස්කරණය ශාන් අල්විස්, නිෂ්පාදන දායකත්වය සමන් ධර්මවංශ සහ නිශාන්ත සේනාරත්න විසිනි.
සුමින්ද ලෝවේ සහ සමන් ධර්මවංශ විසින් නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලාංකික සිංහල ළමා චිත්‍රපටයක් වන මෙය පාසල් නිවාඩු සමයේ ළමුන්ට නැරඹීමට වටිනා චිත්‍රපටයක් වනු ඇත.

Back to top
Go to bottom

Popular News