lan englan tam

පුවත්

ආදරෙයි නම් පරිස්සම් කරගන්න!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අනුෂ්ක රසාංජන සිල්වා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ TAKE CARE ටෙලිනාට්‍යය අවසන් කථාංගය ඊයේ (22) විකාශය වූයේ එහි කොටස් දෙකක් එකවර පැයක කාලයක් තුළ විකාශය කිරීමට යෙදීමෙන් අනතුරුවය.

TAKE CARE ප්‍රචාරක වීඩියෝව හා නිකුත් කළ අනෙකුත් ප්‍රචාරක උපක්‍රම නැරඹූ ප්‍රේක්ෂකයින් නාට්‍යයේ අවසානය පිළිබඳව දැඩි කුතුහලයෙන් කැළඹී සිටිමින් බොහෝ රසික පිරිසක් නාට්‍යය පිළිබඳව ප්‍රතිචාර දක්වා තිබුණද එහි අවසානය කිසිවෙකු අපේක්ෂා නොකළ අවසානයක් විය.
කෙසේනමුත්, ජනාධිපතිවරණ උණුසුමත් සමග විකාශය වූ TAKE CARE අවසානය බොහෝ ප්‍රේක්ෂකයින් විසින් නරඹනු ලැබ තිබිණි.
'ආදරෙයි නම් පරිස්සම් කරගන්න!' අවසානයෙන් පසුව එහි ප්‍රධාන නිළියන්ගෙන් එක් අයකු වන දිනක්ෂි ප්‍රියසාද් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.

Back to top
Go to bottom

Popular News