lan englan tam

පුවත්

ඩබ්ලිව්. ජයසිරි ලංකාවටම එක්කෙනෙකි! - මනෝහාරි හේවාවසම්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
ආදරණීය ජයසිරි අයියා නික්ම ගොසිනි . එය අතිශය කනගාටුදායි පුවතකි .
1992දී ගුවන්විදුලියේ අධ්යාපන සේවයේ ප්රධානී තිලක් ජයරත්න සොඳුරු මානවහිතවාදියා විසින් භූමිකා නම්වූ අධ්යාපනික , සමාජීය , දේශපාලනික වැඩසටහනක ට මට සම්බන්ධවීමට හැකිවුයේ කනකා අබේගුණවර්ධන මා විභවි සංස්කෘතික මධ්යස්ථානය වෙත සම්බන්ධ කිරීමෙන් අනතුරුවය
තිලක් ජයරත්න ,ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන , ඩබ්ලිවු .ජයසිරි , තිළිණ , කුසුම් අයියලා ( ගුවන්විදුලියේ )අජන්ත අලහකෝන් , ධම්ම දිසානායක , මනෝරි ... ඇතුළු පිරිසක් සමග භූමිකා ගුවන් විදුලි නාට්ය මාලාව වෙනුවෙන් සිංහරාජය ඇතුළු ප්රදේශ කිහිපයක කරනු ලැබූ අපුරු සංචාරවලදී ඩබ්ලිවු ජයසිරි අයියා අප සමග එකතුවිය . ඔහු ඒ නාට්ය මාලාවේ රචකයා විය .
විභවි ආයතනයේදී මුණගැසුණු ඩබ්ලිව් ජයසිරි අයියා සමග වූ මිත්රත්වය අඛණ්ඩව පැවතුනේ .. හැම විටම සොඳුරු මතකයන් පුරවමිණි .
විභවියේ සිටි තමාරා වෛද්යවරියක ලෙස සේවය කරන්නේ එංගලන්තයේය .
ඇය ලංකාවට පැමිණි අවස්ථා දෙකකදී විභවි සිටි පිරිස එකතුවුයේ පැරණි මතක අලුත් කරමිනි . ජයසිරි අයියා තරුණයෙකු සේ ඒ අවස්ථාවල දී රස කතා කියමින් අපව සතුටු කළේ ඒ දවසේ මිහිරියාව වර්ධනය කරමිනි .
ජයසිරි අයියා ට ලියන්නට බොහෝ දේ තිබෙන බව මා සමග කියා ඇත . වරින් වර ලියමින් වරින් වර විවේක ගනිමින් සිටි ජයසිරි අයියා පසුගිය කාලය ගෙවුවේ ... රංගනයටද දායක වෙමිනි .
සුධර්ශී සංස්කෘතික මධ්යස්ථානය විසින් ජයසිරි අයියා වෙනුවෙන් උපහාර උළෙලක් පවත්වන ලදී . මට ජයසිරි අයියා වෙනුවෙන් විනාඩි පහක් කතා කරන්නට ආරාධනාවක් ලද මොහොතේ ... මා සතුටුවිය . එහෙත් ඒඅවස්තාව මගෙන් ගිලිහුනේ ඉන්ෆ්ලුවෙන්සා වට ගොඳුරු වීමෙනි .
"ජයසිරි අයියේ , ඔයාව දකිනකොට ඇත්තටම ගෑනු ළමයෙකුට බයක්දැනෙනවා . ඒ ඔයාගේ බැල්මට , කතාවට ... සහ රඟපාලා තියෙන චරිත වලට . හැබැයි ඔයාව ලගින් ඇසුරු කරනකොට ඒ මනුස්ස ප්රාණියා ඇතුලේ ඉන්න සොඳුරු මනුස්සයා හරිම සුන්දරයි . ඇසූ පිරූ තැන් ඇති , බහුවිධ දක්ෂතා ඇති මනුස්සයෙක් . ඒ නිසාම 1992 ඉඳන් අද මේ වෙනකන් ජයසිරි අයියේ කියන්න පුළුවන් බොහොම ආදරෙන් "
ඒ එදා මට කියාගන්න බැරිවෙච්ච වචන වලින් කොටසක් .
ඔයාගේ 'උදුම්බරා'ලංකාවේ සිනමා ගීත ඉතිහාසයේ රන් මුද්රාවක් . ඔයත් එහෙමයි . ඔයා වගේ අය නැහැ . ඔබේ තරුණකම හැමෝටම නැහැ .
ආවොත් යන්න ඕනේ තමයි . ඒ උනාට සමහර නික්මයාම් හිතට තදින් දැනෙනවා .
ලෙන්ගතු ,හදවතේ සමීපයෙන් සිටි සහෝදර මිත්ර ජයසිරි අයියේ සුබ ගමන් ! 😢😢😢
Back to top
Go to bottom

Popular News