lan englan tam

පුවත්

'ගිනි අවි සහ ගිනි කෙළි' අද සිට තිරයට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගිනි අවි සහ ගිනිකෙළි 2 චිත්‍රපටය අද (26) සිට තිරගත වීමට නියමිතය.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුර හොරේෂස්ගේ ගිනි අවි සහ ගිනි කෙළි නවකතාව චිත්‍රපටයක් ලෙස 1998දීද නිර්මාණය කර, අධ්‍යක්ෂණය කරනු ලැබුවේ උදයකාන්ත වර්ණසූරිය විසිනි.
ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි නායකයෙකු වන පද්මසිරිගේ ජීවිතය වටා පාදක වී ඇති චිත්‍රපටයේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ධනුක ඩිල්ශාන්, ලකී ඩයස්, පාලිත සිල්වා, ගිහාන් ප්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, අනුර බණ්ඩාර රාජගුරු, ජගත් බෙනරගම යනාදීහු රංගන දායකත්වය සපයති.
EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත වීමට නියමිත චිත්‍රපටයේ පළමු නිර්මාණය රංජිත් ජයසූරිය විසින් නිෂ්පාදනය කරනු ලැබිණි. නව චිත්‍රපටයේ කතාව - අනුර හොරේෂස්, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය, කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සංගීත අධ්‍යක්ෂණය - චිත්‍රාල් සෝමපාලගෙනි.

Back to top
Go to bottom

Popular News