lan englan tam

පුවත්

ලේක්හවුස් සභාපති ගාමිණී වරුෂමාන

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සීමාසහිත එක්සත් ප්‍රවත්තිපත්‍ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඊයේ (25) කටයුතු කරනු ලැබිණි.

නව සභාපති ගාමිණී වරුෂමාන කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන අතර ඔහු ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සවර් පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තිය ජීවිතය ආරම්භ කළ අයෙකු වේ.
විශ්ලේෂකයෙකු, පර්යේෂකයෙකු ලෙස ආයතන ගණනාවක සේවය කර තිබෙන ඔහු ජනසන්නිවේදන විෂයෙහි විද්වතෙකු වේ.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදන ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති හෙතෙම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ගැමි දිරිය වැඩසටහන ආදී ආයතන ගණනාවක පරිපාලන සහ පර්යේෂණ අත්දැකීම් සහිත නිලධාරියෙකි.

Back to top
Go to bottom

Popular News