lan englan tam

පුවත්

ටෙලිනාට්‍ය ඉල්ලන ITN එක

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ටෙලි නාට්‍ය මිලදී ගැනීම සඳහා සුදුසු නිර්මාණ වෙනුවෙන් අවස්ථාව ලබා දීමට ස්වාධීන රූපවාහිනී සේවය (ITN) තීරණය කර තිබේ.

ඒ අනුව ටෙලි නාට්‍ය නිෂ්පාදකයින්ට සහ නිර්මාණවේදීන්ට සිය නිර්මාණ කඩිනමින් ස්වාධීන රූපවාහිනී සේවය වෙත ඉදිරිපත් කරන ලෙස එම ආයතනය ඉල්ලීමක් කර තිබේ.
නිසි ක්‍රමවේදයක් සහිත පැහැදිලි ඇගයුම් ක්‍රියාවලියක් ඔස්සේ තෝරා ගන්නා ටෙලි නිර්මාණ ස්වාධීන රූපවාහිනී සේවයේ රූපවාහිනී සහ ඩිජිටල් අවකාශයේ විකාශය කිරීමටත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලේකම්, මිලදී ගැනීම් කමිටුව, ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලය, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල ලිපිනයෙන් හෝ 076691 3863 දුරකතන අංකයෙන් ලබාගත හැකි බවත් එම රූපවාහිනී සේවය පවසයි.

Back to top
Go to bottom

Popular News