lan englan tam

පුවත්

මම්මුටි ලංකාවට ඇවිත් චිත්‍රපටයක රඟපායි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

එළඹෙන නොවැම්බරයේදී මලයාලම් සිනමාවේ දැවැන්තයින් වන මම්මුටි සහ මොහාන් ලාල් රංගනයෙන් දායක වන මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට නියමිත බව වාර්තා වේ.

මසක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ, කේරළයේ සහ ලන්ඩන්හිදී රූගත කිරීම් සිදු කිරීමට නියමිත අතර මලයාලම් සුපිරි නළුවන් දෙදෙනා එක්ව රඟපාන මෙම අවස්ථාව වසර 20කින් අනතුරුව එළඹෙන බව පැවසේ.
මම්මුටි යොදාගෙන බොක්ස් ඔෆීස් වාර්තා තැබීමට වඩා ඔහු වෙනුවෙන් චරිතයක් ලියන ආකාරය ගැන අවධානය දෙන බව චිත්‍රපට නිර්මාණකරුවන්ගේ ප්‍රධානියකු වන නාරායනන් මහේශ් පවසා තිබේ. පසුගිය සැප්තැම්බර් මසදී චිත්‍රපටයේ නිර්මාණකරුවන් දෙදෙනෙකු හිටපු අගමැති දිනේශ් ගුණවර්ධන හමු වී තිබූ අතර ඒ අනුව මෙම රූගත කිරීම සිදු කිරීමට නියමිත බව පැවසේ.

 

Back to top
Go to bottom

Popular News