lan englan tam

පුවත්

'වානේ පන්නරය' දුන් දෑස් අඳ ලේඛකයා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
නිකොලායි ඔස්ත්රොව්ස්කි, ඔහු ජීවත් වෙන්නේ අවුරුදු 32යි. ඒ ජීවත් වෙන අවුරුදු තිස්දෙකෙනුත් අවුරුද් හතක් ඔහු ගත කරන්නේ අන්ධ භාවයෙන්.
ඔහුගේ මරණයට වසර හයකට පෙර 1930යේදි ඔහු රුසියාවේ ශේෂ්ඨතම නවකතාවක් යැයි අදටත් පිළිගන්නා එම අපූරූ නව කතාව ලියනවා.
"වානේ පන්නරය ලැබූ හැටි" (How the Steel Was Tempered)
එය ලියා අවසන් වූ පසුව ඔහු තවත් නවකතාවක් ලිවීමට පටන් ගන්නවා.
" Born of the Storm "
එහෙත් අංශභාගයත්, අන්ධබාවයත් නිසාවෙන් ඔහුට එය සම්පූර්ණ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පිටු 251 වූ මෙම අසම්පූර්න නවකතාව 1975 යේදී ප්රකාශනයට පත් කරනවා. එය අදටත් ඔබට අන්තර්ජාලයෙන් කියවීමට පුළුවන්.
(මෙහි සිංහල පරිවර්තනයක් ඇත්දැයි මා දන්නේ නැහැ)
අන්ධභාවයෙන් සිටියදී ලොව විශිෂ්ඨතම නවකතාව ලියූ එම අපූරූ මිනිසා 1936 දෙසැම්බර් 22වෙනි දින සදහටම යන්නට යනවා.
"ඔහුගේ ජීවීත කතාවේ ඔබ නොදන්න තවත් දෙයක් තිබෙනවා, රුසියාවේ වීදීන් සහා උයන් බොහෝමයක් Ostrovskyගේ නමින් නම් කරද්දි,.. ඔහු ඉපදුනු යුක්රේනය විසින් ඔහුගේ නම පොදු ස්ථානයන් වෙනුවෙන් නම් කිරීම තහනම් කරනවා. ඒ අනුව යුක්රේනයේ ඉදිවී තිබුනු Ostrovsky උයන පවා වෙනත් නමකට හරවනවා"
Source: Ukrainian decommunization laws
වානේ පන්නරයට ආදරය කරන පාඨකයින්ට ඔහුව කිසි දිනෙක අමතක නොවේවී~
 

සලිල ප්‍රියංක විතානගේ විසින් උපුටා ගනු ලැබ පළ කරන ලද සටහනකි. සටහනේ හිමිකරුගේ නම සඳහන් වී නොමැත.

Back to top
Go to bottom

Popular News