lan englan tam

පුවත්

ආදර්ශයක් නැති Bad Teacher

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
මෙයා ආදර්ශමත් ටීච කෙනෙක්නම් නෙවෙයි ඕං.. Bad Teacher (2011) 😁.
මේ චිත්රපටියනම් ඔයාලා අනිවාර්යෙන් බලලා ඇති. නොබැලුවත් නම හරි අහලා ඇති. මොකද ඒ තරම් නමගිය ටීච කෙනෙක් තමා මේ චිත්රපටියේ ඉන්නේ..

සාමාන්යෙයන් ගුරුවරියන්ට අපහාස කරන්න හොද නෑ.. ඒත් මේ චිත්රපටියේ ඉන්න ටීචටනම් අපහාස නොකරම බෑ. අපි අපහාස කරන්න ඕනත් නෑ.. නමින්ම ඉතින් Bad Teacher කියලා තියෙන නිසා..

මේක ඇත්තටම පට්ට ආතල් එකේ බලන්න ඕන ෆිල්මි එකක් මිසක් ශ්රාස්ත්රීය මට්ටමේ තියෙන ෆිල්ම එකක් නම් නෙවේ ඉතින්.. මම කතාව සටපට ගාලා කෙටියෙන් කියන්නම්..
එළිසබෙත් තමා මේ චිත්රපටියේ ටීචගේ නම.. මෙයා ටීච කෙනෙක් උනාට ටීච කෙනෙකුට සුදුසුයි කියන කිසිදු හැසිරීමක් මෙයාට නෑ. ස්කොලේ ඉන්නෙත් බාගෙට ඇදුම් ඇදගෙන බාගෙට හෙළුවෙන්. . ඉන්නෙම පිස්සු කෙල කෙල.. මෙයාට මොනදේ කරලා හරි සල්ලි තමා ඕන. ඒ නිසා මෙයා යාළුවෙන්නෙත් හෙන සල්ලිකාර මිනිස්සුත් එක්ක.. ටීචින් ජොබ් එක කරන්නෙත් නිකන් ආවට ගියාට වගේ. කවදාවත් ළමයින්ට උගන්නන්නේ නෑ. පංතියට එනවා. ළමයින්ට ටීවී එක දාලා දෙනවා එයා එයාගේ වැඩ ළමයි ළමයිගේ වැඩ.. දවසත් මේ ළමයි එක්ක කරන බෝරින් ජොබ් එකෙන් එළිසබෙත් අයින් වෙන්න හිතන්නේ එයාට දැන් ඉන්න පෙම්වතා ලොකු සල්ලි කාරයෙක් නිසා..
දවසක් මෙයා ජෝබ් එකෙනුත් අයින් වෙලා ගෙදර එනකොට දකිනවා එයාගේ පෙම්වතා එළිසබෙත්ගේ ගෙදරට ඇවිත් එළිසබෙත්ගේ අම්මා එක්ක ලොකු සාකච්ඡාවක.. පස්සේ තමා දැන ගන්නේ මේ එයා ඇවිත් තියෙන්නේ එළිසබෙත්ගෙන් වෙන් වෙන එක කියන්න කියලා.. මේ වෙන් වෙන්න හේතුව එළිසබෙත්ගේ සල්ලි වලට ඇති කෑදරකම. පෙම්වතා බලාපොරොත්තු වන ආදරයට වඩා එළිසබෙත්ට ඇත්තටම ඕන එයාගේ සල්ලි බව ඔහු දැන් දැනගෙන..
ඔන්න ඔය සීන් එකෙන් පස්සේ තමා එළිසබෙත්ට කෙළ වෙන්න පටන් ගන්නේ.ආයෙත් මෙයා ටීචින් ජොබ් එකට යනවා.. ඔය අතරේ එළිසබෙත්ට අමුතු ප්ලෑන් එකක් සිහි වෙනවා.. ඒ තමා තමාට තියෙන පියයුරු ටිකක් ලොකු කර ගත්තනම් කොහොම හරි සල්ලිකාරයෙක් ඉක්මනින් දැලේ දාගන්න පුළුවන් වග.. මෙයා යනවා සැත්කම කර ගන්න තැනකට. ගියාමයි දැන ගන්නේ ඩොලර් 9300ක් ඒ වැඩේට ඕන වග. ඒත් එයාට මේකට මුදල් නෑ..
දැන් තමා ඕං Bad Teacherගේ භූමිකාව එළිසබෙත් රඟපාන්න පටන් ගන්නේ.. ඒ අස්සේ ස්කොලෙට අළුතෙන් එන සල්ලි කාර සර්ටත් එළිසබෙත් බැල්ලම දානවා ඒත් පොරත් ආස ලොකු පියයුරු වලට බව දැන ගත්තාම එළිසබෙත්ට තවත් සල්ලි වල අවශ්යතාව දැනෙන්න පටන් ගන්නවා..
කතාවේ පිස්සු කෙලින සීන් ටික යන්නේ ඕකෙන් පස්සේ...
කතාව ඔක්කොම කියන්න ගියොත් ඉතින් වැඩක් නෑනේ.. අවසානේ එළිසබෙත් එයාගේ මේ පියයුරු විශාල කරනගන්න සැත්කම කොහොම කරගනීවිද. ටීච කෙනෙක් විදිහට පැවරෙන වගකීම කොහොම ඉටු කරයිද. කියලා බලන්න චිත්රපටිය බලන්නම වෙනවා..
කතාව ජෝක් එකක් උනාට අපූරු පණිවිඩක් අවසානයේ දේන්නට අමතක කරන්නේ නෑ. මෙහි නරක ගුරුතුමිය ලෙස Cameron Diaz ගේ රංගනයත් අනිවාර්යෙන් මතක් කළ යුතුමයි... ඒකට ඉතින් ගැලපෙන්නේම ඩයස් අක්කම තමා..
 
එම්.එම්.පී. රණවීර - සිනෙමායා
Back to top
Go to bottom

Popular News