lan englan tam

පුවත්

'මාගේ දේශය අවදි කරනු මැන' 29 වැනි වසරට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'තාක්ෂණික පිමි මතින් කලාවේ පෙරළි' තේමාව සහිතව 'මාගේ දේශය අවදි කරනු මැන' ජනප්‍රිය ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 2024 ඔක්තෝබර් 09 වැනිදා පස්වරු 07ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර රංග පීඨයේදී ආරම්භ කිරීමට නියමිතය.

සෑම වසරකම සරසවියේ තරුණ විද්‍යාර්ථීන්ගේ සාහිත්‍ය හැකියාව මැන බලනු ලබන මෙවර 29 වැනි උළෙලේ ආරම්භය ප්‍රවීණ සහ කෘතහස්ත කිවිවර, ගේය පද රචනාකරුවකු වන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබීමට නියමිතය.
කලාව සහ සාහිත්‍යය පොදු සමාජයට සාහිත්‍ය ලැදියාවට රුකුල් සැපයීමට මෙම උළෙල පැවැත්වෙන පේරාදෙණිය සරසවියේ සාහිත්‍ය අනු කමිටුව පවසයි.
ශ්‍රී ලංකාවේ විශාලතම සාහිත්‍ය සහ ජනප්‍රිය සාහිත්‍ය උළෙලක් වන මෙය 09 වැනිදා සිට මසක් පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Back to top
Go to bottom

Popular News