lan englan tam

පුවත්

විචක්ෂණශීලී රංගවේදියෙකු ගැන....

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
විවිධ රංග ඉසව් සොයා යන සොඳුරු විචක්ෂණශීලී රංගවේදියා - විශ්වජිත් ගුණසේකර
කලබල නැති ගතිය දර්ශනවාදී අදහස් දැනුමෙන් මුහුකුරා ගිය පෙනුම පැහැදිලි කතිකාව සරල සාමාන්ය ස්වරූපය මේ සියලු ගති ලක්ෂණයන්ගෙන් හෙබි අපූරු රංගවේදියා .
වේදිකාව පුංචි තිරය සිනමාවට සිය දායකත්වය ලබාදෙමින් රඟ නොපා රඟපාන නළුවන් අතරට වැටෙන නිර්මාණශීලී රංගධරයෙකි .
විශ්වජිත් තුළ තිබෙන්නා වූ නිවුනු ගති ගුණ ම ඔහුගේ රංග භාවිතයට අපූරු මෙවලමකි .
තිර පිටපතකට සීමා නොවී තමුන්ගේ භාවාත්මක හැඟීම් ප්රකාශනය ද එකතු කරගනිමින් අපූරු රංග පෞරුෂයක් ඔහු සතු වේ.
තම චරිතය හා නිර්මාණශීලී රංග භාවිතය එක්තැන් කරගෙන සකල අභිනයන්ගෙන් හෙබි රංගධරයෙකි .
ග්ලැඩියේටර් ප්රේමය , දොලහක්, අසිනමාලී වැනි වේදිකා නාට්යවලට සිය රංගන හැකියාව ලබාදුන් විශ්වජිත් ප්රේක්ෂකයන් අතර නොමැකෙන සටහන් තැබීමට හැකි වන්නේ පුංචි තිරය හරහා ය.
භවාන්තර, අප්පච්චි, චෙස්, තනමල්විල කොල්ලෙක් ,සිදාදියේ සමනලියො, කූඹියෝ, මේ වසන්ත කාලයයි, ජිවිතයට ඉඩ දෙන්න යකඩ පහන්තිර ,ඇතුළුව මේ දිනවල විකාශනය වන සුසුම් රස්තියාදුව දක්වා ඔහු පෙළහැර පෑ ටෙලි නාට්යයන් වේ.
ඔහුට ලැබුණු බොහෝ චරිත වලින් ඔහු රඟපෑ භවාන්තර විශිෂ්ට නිර්මාණයක් වේ.
එහිදී හුදෙකලා මහාචාර්යවරයකුගේ චරිතය ඔහුටම ගැලපෙන චරිතයකි සිය පියා සමග නිවසේ හුදෙකලා ව සිටින ඔහු තරුණ බිරිඳක් කැටුව ඒම දක්වා අපූරු රංගනයක නිරත වේ. පියා සමග බෙදාගත් දාර්ශනික අදහස් ඉතාමත් ප්රබල ව අපට දැනුණි හැඟීම්වලින් ම ග්රහණය වූ එම චරිතය හේමසිරි ලියනගේ රංගවේදියා සමඟ අපූරුවට ඔහු ගලපාගෙන රඟ නොපා රඟපෑවේය.
විශ්වජිත් කියන චරිතය කියවා අවසන් කළ නොහැකි පොතක් වගේය. ඔහු තුළ තිබෙන ගුප්ත බව සංසුන්කම නිශ්චල බව හා බරසාර බව , හැඟීම්බර බවම ඔහුට රංග කාර්යය පහසු කරයි.
මේ වසන්ත කාලයයි සහ චෙස් ටෙලි නාට්ය වෙනුවෙන් ඔහු හොඳම නළුවා සම්මානය ද හිමිකර ගන්නවා.
කළු, සුදු ,අළු, මේ කුමන චරිතයකට වුවද සාධාරණය ඉටු කිරීමට ඔහුට හැකියාව තිබේ වට්ටෝරු ගත චරිත වලින් ඔබ්බට විවිධ රංග භූමිකාවන් තිරය මත මවන්නට මේ ගුප්ත නිහඬ රංගධරයාට අපූරු හැකියාවක් ඇත
බොහෝ ටෙලි නාට්යවල ඔහුට චාන්දනී සෙනෙවිරත්න සමඟ රඟපෑමට සිදුවීම නිසා දෝ ඔහුට ගැලපෙන ම නිළිය වන්නේ චාන්දනීය .දෙදෙනාගේ හැඟීම හා body chemistry එක එකතු වූ විට උසස්ම රංගනයක් දැක ගත හැකිය.
අපර්නා, බෝම්බ සහ රෝස ,ස්වරූප, තණ්හා රතී රඟා ,ගෝල් ඔහු රඟපෑ සිනමා නිර්මාණ වෙයි.
සමහර නිර්මාණවල ඔහු දැකිය හැක්කේ දර්ශන දෙක තුනක වුවත් මුළු නිර්මාණය තුළ ම ඔහු රඟපෑ එම කෙටි දර්ශනය ප්රේක්ෂකයාට නොමැකෙන සටහනක් වීමට හැකිවිය.
සුසුම් රස්තියාදු ව තුළ ඔහුගේ රංගනය ගැනත් අමුතුවෙන් විග්රහ කිරීමට අවශ්ය නොවේ සියලුම මානුෂික හැඟීම්වලින් ගහන බරසාර චරිතය ඔහුටම රචනා කළා දැයි විටෙක සිතේ.
ඔහු රඟපෑ නිර්මාණ අතලොස්සක් වුවද ඔහු සුපිරිම රංගවේදියකු වේ දෙබස් උච්චාරණය තුළ ඇසෙන නෑසෙන හඩින් පවසන හැඟුම්බර දෙබස් කිසිදා කිසිවෙකුට අමතක නොවේ. ප්රේක්ෂකයාට යමක් පැහැදිලි කර දීමට ඔහු දෙබස් හසුරුවන අයුරු ප්රශංසනීයයි.
සමහර අවස්ථාවල ගුරුවරයෙකු දේශකයෙකු යමක් පැහැදිලි කරන ආකාරයට අපට ආසාවෙන් ඔහුගේ දෙබස් අසා සිටිය හැකිය.
වයස ඉලක්කමක් පමණක් බවත් හැකියාවට වයස ප්රශ්නයක් නොවන බවත් ඔහුගේ රංග වපසරිය දෙස බැලූ විට අපට මනාව වැටහේ.
ආදරණීය සොඳුරු සහෘදයාණෙනි.
ඔය නිහඬ බව සංසුන්කම බරසාර බව විචක්ෂණශීලී බව සරල කම හා හැඟුම්බර ගුප්ත බවත් එක්ක මේ රංගන චාරිකාවේ දිගු ගමනක් යෑමට සුභ පැතුම්.
 
ශාන් ඉද්දමල්ගොඩ - සිනෙමායා Entertainment
Back to top
Go to bottom

Popular News