lan englan tam

පුවත්

එකවර ගැබිණි වන සය දෙනෙකුගේ කතාව 'සින්ටෝ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අසංක සායක්කාර විසින් රචනා කරනු ලැබ අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නාට්‍යය 'සින්ටෝ' සතියේ දිනවල රාත්‍රී 7.30ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.

“දරු ගැබක් සහ ඇය… සතුටත් දුකත් සමඟ..” තේමාව කරගනිමින් විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයේ නළු ජගත් චමිල, පබෝධා සංදීපනී, තරින්දි ප්‍රනාන්දු සහ තවත් නිළියන් කිහිප දෙනෙක් ප්‍රධාන චරිත රඟපෑමෙන් දායක වෙති.

මේ එම ටෙලිනාට්‍යය පිටුපස ඇති කතාව සායක්කාර විසින් පළ කරන ලද සටහනයි.

මේ කතාව කියන්න දැන් තමයි හොඳ ම වෙලාව. ඔව් මාතෘකාව සින්ටෝ. එක ම වෙලාවක pregnant කියලා දැනගන්න අම්මලා හයදෙනාගේ මේ කතා සංකල්පය මම නිර්මාණය කළේ මීට අවුරුදු පහකට විතර කලින්. ඒ කාලේ මට ටෙලිනාට්ය අධ්යක්ෂණය කරන්න උනන්දුවක් තිබුණේ නැහැ. දිගටම රචකයෙක් විදියට වැඩ කරන්න තමයි කැමැත්ත තිබුණේ. ඒ නිසා මේ ප්ලොට් එක මම නිෂ්පාදකවරු කීපදෙනෙක් ම කිව්වත් කාටවත් මේ ගැන ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. මමත් වැඩිය ඒ ගැන උනන්දු කරෙත් නෑ.
සික්ස්පැක් පටන් අරන් අධ්යක්ෂවරයෙක් විදියට වැඩකරගෙන යනකොට ආපහු සින්ටෝ ගැන මගේ උනන්දු වැඩිවුණා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙන් පස්සේ අපිට රූගත කිරීම් අතර තරමක දීර්ඝ නිවාඩුවක් ලැබුණා. අපි තීරණය කරා ඒ නිවාඩුව ඇතුළෙ සින්ටෝ කොටස් 10ක් රූගත කරන්න.
මේ වැඩේ සිද්ධ වුණේ අමුතුම විදියකට. කතාව ඔලුවේ ඇදිලා තිබුණු නිසා හිතේ ඇදුණු නලු නිලියන්ට කතා කරලා වැඩේ කිව්වා.
"අපි කවුරුත් සල්ලි ගන්නේ නැතුව පළවෙනි කොටස් 10 ෂූට් කරන්නේ. චැනල් එකක් සෙට් වෙලා බෙල්ට් එකක් ok වෙලා ඊලග ෂෙඩූල් එක පටන් ගන්නකොට තමයි පළවෙනි ටිකේ සල්ලි දෙන්න වෙන්නේ."
නලුනිළියෝ වගේම professional crew එකත් ඒ විදියට වැඩකරන්න එකගවුණා. දවස් 08 ක රූගත කිරීම්වලට යන අත්යාවශ්ය වියදම් ටිකට ජනක සම්පත් කරගැහුවා. හැමෝටම ඕන වුණේ ලස්සන වැඩක් කරන්න. හිතපු විදියට ම වැඩේ කරා. චැනල් කීපයකට වැඩේ අරන් ගියා ස්වර්ණවාහිනීය වැඩේට ok වුණා. 07 දා ඉදලා telecast එකට සැල්සුම් සකස් වුණා. අපි දෙවැනි ෂෙඩූල් එක on කරා. ජනක producer විදියට බර කරට ගත්තා. පොරොන්දු වුණු විදියට හැමදේම සිද්ධ වුණා. දැන් ඉතින් වැඩේ tv එකේ යනකම් බලන් ඉන්න තියෙන්නේ.
වැඩේට love එකෙන් එකතු වුණු හැමෝම ලස්සනට මේක පටන් අරන් ගලාගිහින් ඉවර වෙනකම් බලන් ඉන්නවා. මේ වෙලාවේ සින්ටෝ නඩයටම ආදරය සහ ආචාරය පිරිනමන්න ඕනේ. ඒ මාව විශ්වාස කරාට සහ වැඩේට ආදරයෙන් උපරිමයටත් වැඩියෙන් වැඩ කරාට. ඒ වගේම අමතක කරන්න බැරි චරිත දෙකක් ඉන්නවා. ඒ රුචිර සංජීව සහ අජිත් හත්වැල්ල. අපි එකතු වෙලා මෙහෙම වැඩක් කරමු කියලා මාව වැඩිපුරම උනන්දු කළේ ඒ දෙන්නා. හැබැයි අවාසනාවන්ත විදියට දෙන්නටම වැඩේට සහභාගි වෙන්න බැරිවුණා.
හරි. එහෙනම් අද ඉදලා වැඩේ බලමු. කතාකරමු.
Back to top
Go to bottom

Popular News