lan englan tam

පුවත්

'රට අනුරට' ලියූ කැටිපේ පාර්ලිමේන්තුවට ඉල්ලයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

විමල් කැටිපේආරච්චි මේ දිනවල ජනප්‍රිය වී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ ව්‍යාපාරයේ තේමා ගීත රචකයා හැටියට මෙන්ම 'මී මැස්සා' ටෙලිනාට්‍යයේ පුවත්පත් කතුවර භූමිකාවද හෙබවීම හේතුවෙනි.

කාලයක් සැබෑවටම පුවත්පත් කර්තෘ භූමිකාව හෙබවූ කැටිපේට එම භූමිකාව බෙහෙවින් ඔබින බව ප්‍රේක්ෂක අදහසයි.
මෙවර ආසන්නම වශයෙන් කැටිපේ ගැන අවධානය යොමු වන්නේ තවත් භූමිකාවක් හේතුවෙනි.
ඒ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස කැටිපේද ඉදිරිපත් වීමයි. වාමාංශික දේශපාලනයේ පූර්ණකාලීන අත්දැකීම්, මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දැරූ කැටිපේ නිබඳව රටේ පොදු දේශපාලන වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටි අයෙකි.
ජනප්‍රිය කලා පවුලක සාමාජිකාවක වන අමා විජේසේකරගේ සැමියා වන ඔහු ඇගේද සක්‍රීය දේශපාලන අදහස් සමග සමපාත වෙමින් කටයුතු කරයි.
'රටකට ඕනේ අපමණ අගයක්' හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණයේ තේමා ගී රචකයා හැටියටද කැටිපේ එවකට යහපාලන සමාජයක් වෙනුවෙන් දායකත්වය දැක්වූ අයෙකි.

Back to top
Go to bottom

Popular News