lan englan tam

පුවත්

ලුම්බිණිගේ තිර රචනයක් කොල්ල කෑමට ලක් වෙලා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තමන් විසින් රචනා කරන ලද තිර රචනා පෙළගැස්මක් තමන්ගේ දායකත්වයකින් තොරව ටෙලිනාට්‍යයක් ලෙස නිර්මාණය කිරීමට නියමිත බවට ටෙලිනාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය තිර රචිකාවියක සහ කිවිඳියක වන තනූජා ලුම්බිණි සඳහන් කරන්නීය.

එක්තරා නාලිකාවක හමුවකදී තනූජාටත් තවත් අයකුටත් කොටස් සියයකට කතාවක් නිර්මාණය කරන ලෙස උපදෙස් දී තිබෙන අතර කෙසේ නමුත්, පසුව රචකයින් දෙදෙනාම ඉන් ඉවත් කර ඇත.
මුල් රචකයින් දෙදෙනාම නොලියන්නේ නම් තමන්ගේ කතාව නොගන්නා ලෙස තනූජා පවසා තිබුණද, නිෂ්පාදක තැන 'එහෙම කොහොමද එපා කියන්නේ. පුළුවන් දෙයක් කරන්න. ඒක කරනවමයි." යනුවෙන් පවසා මේ වන විට සිය කතාවේ පෙළ ගැස්මට අනුව තවත් අයකු ලවා ලිවීම ආරම්භ කර ඇති බව තනූජා චෝදනා කරයි.
ඇයට වී ඇති මෙම සිදුවීම මේ වන විට බොහෝ දෙනෙකු විසින් හෙළා දකිනු ලැබ තිබේ. නිර්මාණය කොල්ලයත් මිලක් නොමැතිව නිර්මාණ ලබා ගැනීමත් යන සිදුවීම් මේ වන විට බොහෝ තැන්වල දකින්නට ලැබෙන අතර මෙවැනි සිදුවීම් වැළකීම සඳහා විධිමත් පටිපාටියක් තිබිය යුතු බව අපිද විශ්වාස කරන අතර නිර්මාණ කොල්ලයට මුහුණ දෙන නිර්මාණකරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය පළ කරමු.
තනූජාටත් අනෙකුත් රචකයාටත් සාධාරණය ඉටු විය යුතුය.
තනූජා මීට පෙර '1990' ටෙලිනාට්‍යයේ පළමු තිර රචිකාවිය වූ අතර මේ වන විට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන නාට්‍යයකද තිර රචිකාවිය ලෙස කටයුතු කරන්නීය.
පහතින් ඇගේ සටහන පළ කරමු.

කැම්පස් ළමයින්ව නවත්තගන්න මොඩ්න් පන්නයේ ආච්චි කෙනෙක් කරන බෝඩිමක් මුල් වෙච්ච ටෙලි නාට්‍යයක් ඉදිරි කාලයේ විකාශය වෙන්න පුළුවන් .ඒ කතන්දරය ඒ විදිහට හැදුවේ නම් මම .අංතිමට ලියන්නේ වෙන කෙනෙක් .අනුන්ගේ අදහස් කිසිම හිරිකිතයක් නැතුව දෝත පුරවලා අරගෙන ඒක ගන්නෙපා වෙනස් කරන්න කිව්වම ඔයා කොහොමද එහෙම එපා කියන්නේ කියල ලොකු ලයින් දෙන මහා පුදුමාකාර මිනිස්සු ඉන්න රටක් මේක.
මම හදපු කතාවෙ ආච්චි ගේම්ස් එහෙම ගහනවා ෆෝන් එකෙන්.මේ වෙනකල් මොඩ්න් ආච්චි කෙනෙක් ඉන්න ටෙලියක් ඇවිල්ලා නෑ මම දන්න තරමින් .බලාගෙන ඉන්නේ ඒවා ඒ විදිහටමද යන්නෙ කියල .අනුන් මහන්සියෙන් හදන ප්ලොට් අරගෙන ඒවට තව අනුපාන දාලා ලියන්න ඕන එකෙක්ට පුළුවන් .
බලමුකෝ නිර්මාණශීලී හැකියාව කාගෙ කාගෙත්

- තනූජා ලුම්බිණි තඹවිට

Back to top
Go to bottom

Popular News