lan englan tam

පුවත්

දේශපාලනයෙන් යළි අවධානයට ලක් වූ වැල් පාලමේ ගීතය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි වකවානුවේ සිටම ධුරයෙන් ඉවත් වන අවස්ථාව දක්වා රට ගැන හඳුන්වා දීමට භාවිතා කළ සාහිත්‍ය නිර්මාණය වූයේ 'හුණුවටයේ කතාවයි'.

එහිදී ඔහු විසින් නිතර පවසනු ලැබුවේ ශ්‍රී ලංකාව වැල් පාලමේ ඇවිද යන මවකගේ ඇකයට ගත් දරුවෙකු වන බවයි. අවසන එම දරුවා වත්මන් ජනාධිපතිවරයාටද සුරක්ෂිතව භාර දෙන බව පවසමින් ඔහු සිය ධුරයේ අවසන් කතාවද සිදු කළේය.
එහි දේශපාලන ගැඹුර කෙබඳු වන්නේද ශ්‍රී ලාංකිකයින් ඇතැමෙකු මෙම වැල් පාලමේ ගීතය යළි ඇසීමට උනන්දු වූ අවස්ථා තිබිණි.
බර්ටෝල්ඩ් බ්‍රෙශ්ට් විසින් නිර්මාණය කරනු ලැබූ Cocasian Chalk Circle (කොකේසියන් චෝක් සර්කල්)හි සිංහල අනුවාදනය හෙන්රි ජයසේනයන් විසින් යළි සිංහලෙන් නිර්මාණය කරනු ලදුව නාට්‍යයේ ප්‍රධාන චරිතය ගෲෂාගේ චරිතය රඟ දක්වනු ලැබූයේ මානෙල් ජයසේනයන් විසිනි.
වැල් පාලමේ ගීතය පහතින් නරඹන්න.

Back to top
Go to bottom

Popular News