lan englan tam

පුවත්

ලාබාල වියේදී පාසල පීඩනයක් වුණා; ශෙලන් මුණසිංහ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පාසල යනු අප බොහෝ දෙනෙකුගේ ජීවිත වෙත සහනයක් යැයි පවසන අය අතර ශෙලන් මුණසිංහ යනු තමන්ට එවන් සහනයක් නොලැබුණ තැනක් ලෙස පාසල හඳුන්වන රංගන ශිල්පිනියකි.

පාසලේ සහායෙන්, එහි පසුබිමින් රංගනයට එළඹීම පහසු වූ කලාකරුවන් අතර ඇය වෙනස් කලාකාරිනියක වන්නේ ඒ නිසාය.
කුඩා කලදීම සිය ජීවිතයේ දැවැන්ත පෞරුෂය වන පියා අහිමි වීම හේතුවෙන් බොහෝ තැන්හි අභියෝගාත්මක ජීවිතයක් ගත කළ ශෙලන් කලාකාරිනියක වීමට තමන් බොහෝ කලක් දුටු හීන පිළිබඳව සවිස්තරාත්මකව හෙළි කළේ Mirror Arts යූටියුබ් නාලිකාවේ Mirror Mirror වැඩසටහනේදීය.
පාසල යනු අප සමාජයේම කොටසක් වීම හේතුවෙන් එය දෙවියන් වසන තැනකැයි කීමට ඉදිරිපත් විය යුතු නැත. එසේ නමුත්, කිසියම් අයකුගේ වර්තමානය තුළ පාසල යනු ශෙලන් වැනි තවත් බොහෝ දරුවන්ට අසීරු තැනක් වූයේ නම් ඒ පිළිබඳව සැබැවින්ම අප කණගාටු විය යුතුය.

Back to top
Go to bottom

Popular News