lan englan tam

පුවත්

සාහසික, අභිරහස්, සත්‍ය ඝාතන හෙළිදරව්ව Room No: 106

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුරංග ද අල්විස් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Room No: 106 චිත්‍රපටය යනු බොහෝ බලපෑම් සහ කෙණෙහිලිකම් මධ්‍යයේ නිර්මාණය කෙරුණ චිත්‍රපටයකි.

ශ්‍රී ලංකාව තුළ සිදු වූ ආන්දෝලනාත්මක මෙන්ම සාහසික සහ අභිරහස් ඝාතනයක් හෙළිදරව් කෙරෙන මෙම චිත්‍රපටයේ
රූගත කිරීම් අවසන් කිරීමත් සමග චිත්‍රපටය නැවැත්වීම සඳහා වූ බලපෑම් අධ්‍යක්ෂ සුරංග ද අල්විස් විසින් ඒ බව හෙළි කරනු ලැබ තිබිණි.
කෙසේනමුත්, චිත්‍රපටය මේ වන විට සිනමා ශාලා වෙත නිකුත් කිරීමට නියමිත බව පෙන්වමින් එහි ප්‍රචාරක පටයක් නිකුත් කර තිබිණි.
විවිධ නිෂ්පාදකවරුන් හරහා තමන්ට විවිධාකාරයේ බලපෑම් සිදු වූ බවත් ඒවායේ රිදවීම් යටිහිතේ තිබෙන බවත් සුරංග විසින් හෙළි කරනු ලැබිණි.
සුනෙත් මාලිංග ලොකුහේවා තිර රචනය කළ චිත්‍රපටයේ බිමල් ජයකොඩි, ඩිශ්නි රාජපක්ෂ, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, දමිතා අබේරත්න, ඉශාන් මෙන්ඩිස්, නයෝමි තක්ෂිලා ධනූ ඉන්නාසිතම්බි යනාදී නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙති.

 

Back to top
Go to bottom

Popular News