lan englan tam

පුවත්

කිලෝමීටර් ගණන් පයින් ගිය අතීතයක් මට තියෙනවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දිනෙත් ඈපාලියන රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය බෙහෙවින් දිනා ගත් නව පරපුරේ රංගන ශිල්පියෙකි. මෙවර යූටියුබ් නාලිකාවේ වැඩසටහනට මාෂි සේනානායක සමග සංවාදයට එක් වන්නේ දිනෙත් ඈපාලියනයි.

"මම මාව හඳුන්වන්නේ සාධාරණ හොඳ කෙනෙක් විදිහට. ආදරය හැමෝටම අත්‍යාවශ්‍ය දෙයක්. ආදරය නැතුව මේ ලෝකය පවතින් නෑ.
ආදරය කියන්නේ තමන්ගේ උවමනාවට වඩා අනිත් කෙනාගේ උවමනාවට තැන දෙන එක. ආදරය නිර්වචනය කරන්න මම සුදුසු නෑ." දිනෙත් තමන් ගැන දකින ආකාරයත් ආදරය සම්බන්ධයෙන් දරන අදහසත් සංවාදයේදී එසේ පවසයි.
තම වෘත්තීය වෙනුවෙන්, සිනමාව වෙනුවෙන් කරන කැපවීම හේතුවෙන් දිනෙත් ටොම් කෲස්ට ඉතා ප්‍රිය කරන අතර තමන් මෙතෙක් රඟපෑ චරිත අතරින් ටෙලිනාට්‍යයේ රඟපෑමට අසීරුම සහ කැමතිම චරිතය වන්නේ Sඊ ‍යොඋ ටෙලිනාට්‍යයේ 'ගීත්' බව දිනෙත් පවසයි.
බොහෝ දෙනෙකු අපේක්ෂා කරන සුන්දර ලෝකයක් විදේශවල නොවන බව පවසමින් එහිදී තමන් මුහුණ දුන් සිද්ධි පවාඅ දිනෙත් එහිදී හෙළි කරන අතර තමන් ජීවිතයේදී මුහුණ දුන් අසීරුකම්, අභියෝග මධ්‍යයේ නළුවෙකු වූ ආකාරය ඉතා සංයමයෙන් පෙන්වා දෙයි.
"මගේ පළවෙනි ජොබ් එක ක්ලීනින් ජොබ් එකක්. සමහර වෙලාවට බස් නෑ. කිලෝමීටර් ගණන් පයින් යනවා. පාරේ ක්ලීනින් කරන කෙනෙක් දැක්කම මාත් කරලා තියනවානේ කියලා මතක් වෙනවා." දිනෙත් එහිදී පවසයි.
දිනෙත් සහභාගි වන සංවාදය අද (16) යූටියුබ් නාලිකාවෙන් සවස 07ට නරඹන්න.

Back to top
Go to bottom

Popular News