lan englan tam

පුවත්

I Have a Dream සිහිනය අනිද්දා සැබෑ වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මරා දැමූ සිහිනවලට පණ දීම බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් වී ඇති යුගයක කිං ජූනියර් හෙවත් මාටින් ලූතර් කිංගේ භූමිකාව හැදෑරීමට ඉතා වැදගත් එකකි.

ඔහු ඇමරිකානු මහජන අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කළ ප්‍රධාන නායකයෙකු වූ අතර බැප්ටිස්ට් ආගමික දේවගැතිවරයෙකු ලෙස එරට සමාජයේ ගෞරවයට පාත්‍ර වූ, මානව අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සටන් කළ පුරෝගාමියකු වේ.
දර්ශනවාදියකුද වන කිං ජූනියර්ගේ ජීවිතයේ අවසන් රාත්‍රිය ඇසුරින් සැකසුණු ' I have a Dream - මට සිහිනයක් ඇත' ඔක්තෝබර් 19 වැනිදා බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වේ.
සවස 3.30 සහ 6.30 දර්ශන වාර දෙකක් සහිත මෙහි ප්‍රවේශ පත්‍ර 1000, 1500, 2000 මිල ගණන්වලට රඟහලෙන් ලබා ගත හැකිය.
බුද්ධික දමයන්ත නාට්‍ය නිර්මාණයක් වන මෙහි පරිවර්තනය චූලානන්ද සමරනායකගෙනි.

Back to top
Go to bottom

Popular News