lan englan tam

පුවත්

One Direction වෙතින් කරළියට ආ ලියම් පේන්ගේ මරණය අභිරහසක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලෝක ප්‍රසිද්ධ තරුණ සංගීත ශිල්පියෙකු වූ ලියම් පේන් (Liam Payne) පසුගියදා (16) සිය ජීවිතයට සමු දුන් බව ලොව පුරා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි.

සුප්‍රකට One Direction සංගීත කණ්ඩායමෙන් සංගීත දිවියට එළබුණ ලියම් ආජන්ටිනාවේ ප්‍රසංගයකට සහභාගි වීම සඳහා ගොස් සිටියදී ඔහු නැවතී සිටි බුවර්නෝස් අයර්ස්හි හෝටලයේ තුන්වැනි මහලෙන් ඇද වැටී මිය ගිය බව වාර්තා කෙරිණි.
1993දී උපන් ලියම් ගායකයෙකු මෙන්ම ගී පද රචකයෙකු ලෙසද ඉතා ජනප්‍රිය පුද්ගලයෙකි. Boy Bands අතර මෑත කාලයේ ලෝකයේ ජනප්‍රියම කණ්ඩායම් තුන අතරට පැමිණි One Direction සාමාජිකයෙකු වූ ලියම් ඇතැම් විට ඉංග්‍රීසි කතා මාලා සඳහාද සම්බන්ධ වූ නමුත්, 2016න් පසුව ඔහු තනි සංගීතඥයකු (Solo Musician) හැටියට ඇමරිකාව හා සම්බන්ධ වී සිය සංගීත කටයුතු කරගෙන යෑමට යොමු විය.
Strip That Down සිය තනිවම එළිදැක්වූ පළමු ගීතය Billboard Hot 100ට එක් වී එහි 10 වැනි ස්ථානයටද පැමිණියේය.
ඔහුගේ මරණය සිදු වූයේ ඔහු රැඳී සිටි හෝටලයේ තුන්වැනි මහලෙන් පැනීමෙන් බව මෙන්ම එය කලහකාරී සිදුවීමකදී වූ ඇද වැටීමක් බවත් විදෙස් පුවත් වාර්තා පෙන්වා දෙමින් තිබේ. ඔහු මිය යෑමට ප්‍රථම ආකර්ෂණීය වීඩියෝවක්ද නිකුත් කර තිබූ බව එම වාර්තා පවසයි.
කෙසේනමුත්, මෑත කාලයේ අතිශය ජනප්‍රිය ගීත ලයිස්තුවක් නිකුත් කිරීමට සමත් වූ ලියම් පේන් මතකය ඔහුගේ රසිකයින් සදා හඬවන සිදුවීමක් වන බව නම් ඒකාන්තය.

Back to top
Go to bottom

Popular News