lan englan tam

පුවත්

සදාතන ගී මතක තබා ගිය අජිත් ආරියරත්න

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි" යන ගීතය ඇසූ පමණින් එම ගීතය හා එහි හඬ නොඇසූ අයකු සිටීම දුර්ලභ සිදුවීමකි.

එම ගීතයෙන්ද තවත් ගීත ගණනාවකින්ද මුළු රටක සවන් පිනවූ, සිත් සැනසූ ගායක ශිල්පී අජිත් ආරියරත්න ඊයේ (21) දින අභාවප්‍රාප්ත විය.
දයාබර දිලූ කියා අමතන්න නෑ වරම්, හදවතින් සෙනෙහස පුදා, මුතු කඳුලින් මා දෙනෙතේ (චන්ද්‍රසේන හෙට්ටිආරචිද ගායනා කළ) යනාදී ගීතද ඔහුගේ බෙහෙවින් ජනාදරයට පත් වූ ගීත කිහිපයකි.
1965දී උපත ලැබූ ඔහු කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආදි සිසුවෙකි.
එච්.එම්. ජයවර්ධනගේ තනු සහ සංගීත නිර්මාණය කළ 'තනිවෙන්න ඉඩදෙන්න' ගීතය අජිත්ගේ ජීවිතයේ බලාපොරොත්තුසහගත සන්ධිස්ථානයක් වී තිබිණි.
අජිත් ආරියරත්න TikTok Best Live Singers සඳහාද පසුගිය කාලයේ සිය දායකත්වය ලබා දී තිබූ අතර ඒ පිළිබඳව එම පිරිස විසින් කෙටි වීඩියෝවක් නිර්මාණය කරනු ලැබ තිබිණි.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පිළිබඳව අවසන් කටයුතු මෙතෙක් දැනුම් දී නොමැත.
ආදරණීය ගායක අජිත් ආරියරත්න, Mirror Arts අපි ඔබට නිවන් සුව පතමු!

Back to top
Go to bottom

Popular News