lan englan tam

පුවත්

"නටනව නම් නටන්න ඕන ලොවෙත් නැතිවෙන්න"

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ මහ මැතිවරණ අපේක්ෂිකාවක වන හිටපු නිවේදිකාවක වන නිලන්ති කොට්ටහච්චි විසින් පැවසුවේ "නටනව නම් නටන්න ඕන ලොවෙත් නැතිවෙන්න" යනුවෙනි.

සාදයකදී තමන් නර්තන සීමාවේ කළ නර්තනයකට පසුගිය කාලයේ දේශපාලන විවේචනද එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව කීවාය.
ළමා නිවේදිකාවක වශයෙන් ස්වාධීන රූපවාහිනියට එක් වූ ඇය මේ වන විට නීතිඥවරියක ලෙස කටයුතු කරන අතර ඇය මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනියේ දේශපාලන සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

කලා ශිල්පිනියක ලෙස නිලන්තිට නර්තනයේ යෙදීමට බාධාවක් නොවන අතර ඇගේ මේ සඳහන ඇගේ දේශපාලනයට ඈඳාගැනීම සැබවින්ම අයකුගේ කලා රසිකත්වය හෝ විඳීම පිළිනොගන්නා ලක්ෂණයකි.

Back to top
Go to bottom

Popular News