ශ්රී ලංකාවට පහළ වූ විශිෂ්ඨයකු වූද වැලිකතර, පුරහඳ කළුවර, තුංමං හන්දිය යනාදී විශිෂ්ට චිත්රපට ගණනාවකා විශිෂ්ට රංගනයෙන් දායක රංගධරයකු වූ ජෝ අබේවික්රම ගීතයක් ගායනා කර ඇතැයි යන්න බොහෝ විට ඔහුගේ රසිකයින් පවා පිළිනොගන්නා දෙයක් මෙන්ම පුදුමයට ලක් වීමටද කාරණයක් විය හැකිය.
එනමුත්, ජෝ අබේවික්රමයන්ට ඇළුම් කරන, එවන් ගීතයක් අසා නැති අයට මීට වසර කිහිපයකට පෙර සිනමාවේදී අජිත් ගලප්පත්ති විසින් ඒ පිළිබඳව ප්රසිද්ධ කරනු ලැබ තිබුණේ 'ජෝ රසිකත්වය'ට කරනු ලබන සහායක් වශයෙනි.
එම ගීතය පළ කරමින් අජිත් ගලප්පත්ති විසින් පවසනු ලැබ තිබුණේ
"ජෝ අබේවික්රම ගැයූ මෙම ගිතය අප වෙත එවා තිබුණේ ප්රියන්ත ඩිරෙක්ස් නමැති රසකාමියා. ඔහුත් කාගෙන් හෝ උපුටා ගත්තක් විය යුතුයි. රැස් කර තම සන්තකයේ පමණක් තබා ගෙන මා ලග පමණයි තියෙන්නේ කියමින් ආඩම්බර වනවාට වඩා සාඩම්බරයි බෙදා ගෙන රසවින්දාම. පවතින්නෙ එතකොටයි. ජෝ අබේවික්රම උනත් පවතින්නේ ඔහු සතු කුමක් හෝ වටිනා යමක් අපත් සමග බෙදා ගත් නිසයි. අහමුද මේ සින්දුව..ගායනය ජෝ අබේවික්රම." යනුවෙනි.
ජෝගේ රසිකයෙකු වන ප්රියන්ත ඩිරෙක්ස්ටද ස්තුතිවන්ත වෙමින් එම සබැඳිය මෙහි පළ කරන්නෙමු.