70 දශකයේ සිට අර්ථවත් රසවින්දනයක් ගීතයෙන් දායාද කළ, ලෝක ජනාදරයට පත් ABBA සංගීත කණ්ඩායමේ ගීත ගායනා කෙරුණු ABBA 70s Show පසුගිය ඔක්තෝබර් 25 වැනිදා ශ්‍රී ලංකාවේ ABBA රසිකයින් පිරිවරාගෙන බොරැල්ල කොටා පාරේ පිහිටි The Thaprobaneහිදී පැවැත්විණි.
80, 90 සහ 2000 දශකවල බටහිර රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද කාල වකවානු භේදයකින් තොරව ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ABBA ගීත මේ වන විට International ABBA Tribute Band ඔස්සේ වේදිකාගත වේ.
E FM ගුවන්විදුලි නාලිකාව මෙම ප්‍රසංගය සඳහා විශේෂ අනුග්‍රහයක් දක්වමින් ABBA 70s Show පැවැත්වුණු අතර 80 දශකයේ සිට වයස් භේදයකින් තොරව ABBA ගීත රස විඳින රසිකයෝ බොහෝ සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගි වූහ.
ප්රසංගයේදී Mamma Mia, Fernando, Chiquitita ගීත ගායනා කෙරුණු අතර බොහෝ කලකින් අත් විඳින්නට ලැබෙන රසලිප්ත සැඳෑවක් එහිදී අත්විඳින්නට ලැබී තිබිණි.
ABBA සංගීත කණ්ඩායම එම නාමයෙන් හැඳින්වෙන සංගීත කණ්ඩායමක් වූයේ එම කාණ්ඩය විසින් නිර්මාණය කළ ගීතවල ජනප්‍රියතාව මෙන්ම එහි සාමාජිකත්වය දැරූ අග්නෙතා, බ්ජෝන්, බෙනී, ඇනී යන නම්හි මුලකුරු එක් කර සෑදූ නාමය හේතුවෙනි.
ප්‍රසංගයේ නිල ඡායාරූප අද (03) දිනයේදී ගුවන්විදුලිය විසින් එළිදක්වනු ලැබ තිබූ අතර එහි අමතක නොවන අවස්ථා සජීවීව මඟ හැරුණු අය වෙනුවෙන් ඒවා පළ කරනු ලැබ තිබිණි.
මෙම අවස්ථාවේ රසිකයින් පිනවීමට The Lanerolle Brothers සහභාගි විය.