ශ්‍රී ලාංකේය සිනමාව පිළොඉබඳව ඇල්ම බෙහෙවින් ඇති කළ චිත්‍රපටයක් ලෙස හඳුනාගැනීමට ඉඩ සලසමින් ප්‍රියන්ත කොළඹගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ අලුත් චිත්‍රපටය 'මන්දාරා' දින 100 සපුරා තිබේ.
තිර ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ සිට අති සාර්ථකව ප්‍රදර්ශනය වන චිත්‍රපටයක් වන මන්දාරා 100 වන දින ප්රදරශනයේදීත් අඩුවක් නොමැතිව දස දහස් ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවකගේ ඉහළ ප්‍රතිචාර මැද තිරගත කෙරිණි.
කටුබැද්ද මැක්ස්ලයිට් සිනමාශාලාව ඊයේ (03) දිනයේ සියලු ආසන පිරී යමින් වූ බව 'මන්දාරා' අධ්ය්කශක ප්‍රියන්ත කොළඹගේ පවසයි.
සේමිණී ඉද්දමල්ගොඩ, චානුක ප්රබුද්ධ, මේඝා සූරියආරච්චි, චුලක්ෂි රණතුංග, බිමල් ජයකොඩි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, මාධනී මල්වත්ත, ප්‍රියංකර රත්නායක, සහේලි සදිත්මා, ඉමානි කළුාරච්චි, දසුන් කොළඹගෙ, මේඝ කාවින්ද කොළඹගේ, ශ්‍රියානි, කොළඹගේ 'මන්දාරා'හි රංගනයෙන් දායක වෙති.
ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන් දායක වූ චිත්‍රපටයේ සිනමා නිර්මාණය රුවන් කොස්තා සහ නිෂ්පාදනය මහේන් පෙරේරාගෙනි.