ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් දිගුකාලීනව නිෂ්පාදනය කරනු ලබන ජනප්‍රිය ළමා සහ යොවුන් වැඩසටහනක් වන මුතුහර වැඩසටහනේ දූදරුවන් සමග කෙරෙන සංවාදයට හෙට (05) එක් වන්නේ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා වේ.
යෞවනයේ පසු වන දරුවකු සිය දිවි නසාගැනීමේ සිදුවීමක් දුටු විට මාධ්‍ය මෙන්ම සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු ආකාරයත් එහි අනිසි සන්නිවේදනයේ බලපෑමත් ජනාධිපති නීතිඥවරයා 'මුතුහර' දූදරුවන් සමග එහිදී පවසයි.
මුතුහර දූදරුවන් සමග ජනාධිපති නීතිඥවරයාගේ සංවාදය හෙට සවස 05ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ.