ග්රන්ථ ප්රකාශනයක් ලෙස මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් වූ ශාන්ති දිසානායක මහත්මියගේ 'මෞලි' නවකථාව ශ්‍රව්‍ය - දෘෂ්‍ය උභය මාධ්‍යයෙන් ඔබ පිනවීම සඳහා ටෙලිනාට්‍යයකට නැඟෙන බව අතිශය සතුටින් මෙසේ දැනුම් දෙමු!
මින් පෙර 'වියළි' නමින් අති සාර්ථකව ටෙලි - පෙරළියක් කළ 'අයන්න යට' කණ්ඩායම මෙවර ඒ සඳහා ප්රස්තුත කරගෙන ඇත්තේ 'මෞලි'යි. දිලූපා නිරෝෂනී ද අල්විස්ගේ නිෂ්පාදනයෙන්, ෂර්ලි පී දෙලංකාවලගේ අධ්‍යක්ෂණයෙන්, සමනත කුමාර ගමගේගේ තිර රචනයෙන් හැඩ වන ශාන්ති දිසානායකයන්ගේ 'මෞලි' ළඟදීම ඔබ ආලින්දයේ දිගහැරෙනු ඇති.
මෞලි ශාන්ති දිසානායක මහත්මියගේ නවකතා වලින් 13 වෙනි ටෙලිනාට්‍යයි.
ඉන්දුවර නිශ්ශංක