ලෝක ප්‍රසිද්ධ සාතිත්යකරු ඇලෙක්සැන්ඩර් දියුමාගේ ශ්‍රේෂ්ඨ කෘතියක් වන මොන්තක්‍රිස්තෝ සිටුවරයා ඇසුරෙන් නිර්මාණය කෙරුණු The Count of Monte-Cristo / Le Comte de Monte-Cristo (මොන්තක්‍රිස්තෝ සිටුවරයා) අලුත්ම ප්‍රංශ චිත්‍රපටයේ සුවිෂේශී තිර ප්‍රදර්ශනයක් එළඹෙන නොවැම්බර් 09 වැනිදා සවස 03ට කොළඹ සිනමාශාලාවේදී නොමිලේ නැරඹීමට අවස්ථාව ශ්‍රී ලංකා - මාලදිවයින සඳහා වන ප්‍රංශ තානාපති කාර්යාලය අවස්ථාව උදා කර දී ඇත.
ලෝක සාහිත්‍යය තුළ මොන්තක්‍රිස්තෝ සිටුවරයා නවකතාව සහ එහි වෙළුම් පිළිබඳව සාහිත්‍ය ඇසුරු කරන නොදන්නා අයකු සිටීද යන්න සැකයක්ම වන අතර එහි ඇති සාහිත්‍යයමය ආශ්චර්යයට නොබැඳුනු අයකු සිටී නම් ඒද ඉතා කුඩා සංඛ්‍යාවක් විය යුතුය.
මොන්තක්‍රිස්තෝ සිටුවරයාThe Count of Monte-Cristo / Le Comte de Monte-Cristo ප්‍රංශ චිත්‍රපටය එළිදැක්වුණේ පසුගිය ජුනි මාසයේදීය. පැය 02කුත් විනාඩි 58ක කාලයක් දිවෙන චිත්‍රපටය ප්‍රංශයේ ඉතා සාර්ථක ලෙස මේ වසරේ තිරගත විය.
චිත්‍රපටයේ සුවිෂේශී තිර ප්‍රදර්ශනය නැරඹීම සඳහා නොවැම්බර් 09 වැනිදා සවස 2.30 සිට ප්‍රේක්ෂකයින් ඇතුළු කරගැනීමට කටයුතු කරයි. 'පළමුව පැමිණෙන්නා පළමුව සැලකිල්ලට බඳුන් වේ.' (First come, first serve)යන උපමානය අනුව චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව සැලසුම් කර ඇත.
ඉංග්‍රීසි උපසිරුසි සහිතව චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ. වයස අවුරුදු 10ට වැඩි සියලු දරුවන් සඳහාද නැරඹුම් අවස්ථාව තිබේ.
ශ්‍රී ලංකාවේ සිනමා රසිකත්වයට ලැබෙන සුවිෂේශී ත්‍යාගයක් ලෙස මෙය සැලකිය හැකි අතර සිනමා රසිකයිනි, ප්‍රංශ සිනමාවේ ප්රාතිහාර්යය නැරඹීමට ලැබෙන මෙම අවස්ථාව මගහැර නොගන්න!