සිරස ටීවී නාලිකාවේ 'සටන' අද (05) දේශපාලන සාකච්ඡාවට සහභාගි වන්නේ කලා ක්ෂේත්රය නියෝජනය කරන, විශේෂයෙන් කලා නිර්මාණ කෙරෙන් නළුවන් හැටියට ප්රසිද්ධ වූ දේශපාලන ක්රියාකාරිකයින් හතර දෙනෙකි.
ප්රධාන දේශපාලන පක්ෂ හතරක් නියෝජනය කරමින් සහභාගි වන මෙම රංගන ශිල්පීන් හතර දෙනාම රංගනයට සූරයින් වන හෙයින් එය නීල් රූපසිංහ මහතා විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'හතර දෙනාම සූරයෝ' චිත්රපට නාමය සිහිපත් කරවයි.
ජාතික ජන බලවේගය - ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ජගත් මනුවර්ණ, සමගි ජන බලවේගය නියෝජනය කරමින් චරිත් අබේසිංහ, දෙවන පරපුර නියෝජනය කරමින් කමල් අද්දරආරච්චි, ජන අරගල සන්ධානය නියෝජනය කරමින් ජෙහාන් අප්පුහාමි අද වැඩසටහනට සහභාගි වීමට නියමිතය.