සිරස රූපවාහිනියේ ජනප්‍රියතම තරුණ නිවේදිකාවන් අතර බොහෝ අවධානයට ලක් වූ නිවේදිකාවක් වන්නේ ජූලියා සොනාලිය.
ජුලියා පසුගියදා දකුණු කොරියාවේ පැවති Asia Model Festival 2024 තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අතර ඇය එහිදී Face of Asia අංශයේ ජයග්‍රාහිකාව වූවාය.
දකුණු කොරියානු රජය විසින් පවත්වනු ලබන ජුලියා සහභාගි වූ තරඟයට රටවල් 27ක් නියෝජනය කළ තරඟකාරිනියන් 50 ඉක්මවූ සංඛ්‍යාවක් සහභාගි වූහ.
A+ Kids TVහි නිවේදිකාවක වශයෙන්ද කටයුතු කරන ජුලියා, සිය ඉදිරිපත් කිරීමේ ස්වභාවය හේතුවෙන් කුඩා දරුවන්ද ඇළුම් කරන තැනැත්තියක් බව බොහෝ දෙනෙකු පවසන කරුණකි.
'මගේ නමටත් වඩා මට වැදගත්, ලංකාව දින්නා කියන එක...'' සිය ජයග්‍රහණය සමරමින් ලංකාවට පැමිණි ජුලියා ප්‍රකාශ කළාය.