විවිධ වේශයෙන් සුළඟක් සේ පැමිණි ගැහැණුන්ගේ ජීවිත උඩුයටිකුරු කළ .තවත් එක් ඛේදාන්තයක්..... සුළඟ....
බෙනට් රත්නායකයන්ගේ විශිෂ්ටතම සිනමා නිර්මාණයකි.
කාන්තා චරිත කිහිපයක් අනවපේක්ෂිත ලෙස ඇතිවන බැඳීම් නිසා ඔවුන්ගේ ජීවිත වල ඇතිවන්නාවූ පෙරලිය මැනවින් විදහා පෑ සිනමා නිර්මාණයකි.
විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු අනවපේක්ෂිතව ඇතිවන බැඳීමක් නිසා සියල්ල විනාශ කරගන්නා අයුරු.සනත් ගුණතිලකයන් විසින් ඉතා අපූරුවට ජීවත් කළ චරිතයකි.
දිලාහානී ඒකනායකගේ විශිෂ්ටතම රඟපෑමකි
සියල්ල නැතිව ගියත් චිත්ත ධෛර්යය සහ ඉවසීම තුළින් තමාට කෙලින් සිට ගැනීමට හැකි බව පෙන්නුම් කල චරිතයකි.
චන්දනී සෙනවිරත්නයන්ගේ අපූරු රඟපෑමක කිසිවෙකුටත් අමතක කළ නොහැක.කසිප්පු බොන කසිප්පු පෙරන සියල්ල ඉදිරියේ තම දියණිය ආරක්ෂා කරන්නට වෙර දරන ගැහැණියක ලෙස විශිෂ්ටතම රඟපෑමක් දැකිය හැකි විය.
සත්‍යා රත්නායකගේ ප්‍රථම සිනමා ආගමනය සහ. චිත්‍රපටයේ ප්‍රධාන කේන්ද්‍රීය චරිතයයි.
ශ්‍රියානි අමරසේන, පාලිත සිල්වා, සේමිණි ඉද්දමල්ගොඩ , රොජර් සෙනෙවිරත්න, ඇතුළු ප්‍රවීණ නළු නිළි කැලකගේ රංගන දායකත්වයෙන් හැඩ වූ විශිෂ්ට සිනමා කෘතියකි.
නන්දාමාලිනියන්ගේ.
සුළඟ සුළඟ සුළි සුළඟ හමා
ගීතය චිත්‍රපටයේ සියලූම බර දැරූ තේමා ගීතයයි..
සුළඟ චිත්‍රපටය සිංහල සිනමා වංශ කතාව තුල නොමැකෙන සටහන් තැබූ අපූරු සිනමා කෘතියකි.
ශාන් ඉද්දමල්ගොඩ - සිනමාවේදීන්