හරිඳු රංගජිත් අබේසූරිය යනු ශ්‍රී ලාංකික කලා පවුලක එක් පුරුකකි.
ප්‍රවීණ රංගන ශිල්පී සහ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු වන ප්‍රසන්නජිත් අබේසූරියගේ පුත්‍රයාය.
කලා පවුලක ආභාසයත් කුසලතාවත් දෑතින් දරාගෙන මේ තරුණ කලාකාමී මිනිසාද මේ වන විට කලාවට දායක වී කටයුතු කරන අතර පසුගිය සතියේ Mirror Mirror සංවාදයට මාෂි සේනානායක සමග එක් වූයේ හරිඳු වේ.
විශ්ව විද්‍යාල ඇදුරෙකුව පියා කටයුතු කරද්දී හරිඳුගේ සරසවි දිවිය බලාපොරොත්තු වූ තරමේ සුන්දර එකක් නොවූ බව ඔහු සංවාදයේදී පැවසීය.
"දක්ෂතාවයක් නැත්තම් අම්මා - තාත්තා නිර්මාණයක් සඳහා අඳුන්වා දෙන්නේවත් නෑ. කැම්පස් ජීවිතය බලාපොරොත්තු වුණ තරම් සුන්දර නෑ. ගුරුවරයෙක්ට පුළුවන් පාසල සුන්දර මතකයක් කරන්නත් අසුන්දර මතකයක් කරන්නත්. මම හිතන් නෑ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙකුට රජයේ කැම්පස් එකක අත්දැකීම් ගන්න පුළුවවන් කියලා. කැම්පස් එක නිදහස් තැනක් කිව්වට පරම චේතනාවෙන් නිදහස අත්පත් කරගන්න බෑ. අපිට තියෙන්නේ සොච්චම් රටක්. ඒ රට මාර වටිනවා." යැයි එහිදී පවසන හරිඳු ආදරය පිළිබඳව පැවසුවේ
"අපි වයසත් එක්ක ආදරය දකින විදිහ වෙනස් වෙනවා. ආදරය ඇතුළේ තියෙන්නේ කැප කිරීම. අපිට අපේ දේවල් කැප කරන්න පුළුවන් වෙන තරමට ආදරය ආත්මීය කරගන්න පුළුවන්. අල්ලා ගැනීම ඇතුළේ මම ආදරය දකින් නෑ." යනුවෙනි.
හරිඳු සමග සංවාදය යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.