කුප්රකට නිරූපිකාවක ලෙස හිඳ මේ වන විට බොලිවුඩ් ප්රේක්ෂකයන් අතර බෙහෙවින් ඇගයුමට ලක් වන නිළියක වන සනී ලියෝන් පසුගිය දිනක සිය විවාහ සංවත්සරය සමරා තිබිණි.
එහිදී තමන් සහ සැමියා මෙන්ම සිය දරුවන් තිදෙනාද මංගල ඇඳුම්වලින් සැරසී ඡායාරූපවලට පෙනී සිට තිබිණි.
ඇමරිකාවේ 'ප්ලේය් බෝයි' සඟරාවේ නිරූපිකාවක වූ සනී බොලිවුඩයට අවතීර්ණ වූ පසුවද එවැනි චිත්රපට සඳහා පෙනී සිටි අතර අනතුරුව සිය ජීවිතයේ සැබෑ ගමන් මග විස්තර කරන චරිත කතා සිනමාපටයක්ද එළිදැක්වීමට සමත් වූවාය. මේ වන විට ඇය එවැනි රංගනයන්ට දායක වීමෙන් වැළකී කටයුතු කරන්නීය.