ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයාව සිට 47 වැනි ජනාධිපතිවරයා ලෙසද දෙවැනි වරටත් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වීමත් සමගින් ඔහුගේ භාර්යාව, හිටපු නිළියක වන මෙලනියා ට්‍රම්ප්ද දෙවැනි වරටත් එරට පළමු පුරවැසි කාන්තාව හෙවත් ජනාධිපති ආර්යාව වීමට අවස්ථාව ලද්දීය.
මෙලනියා පසුගිය මැතිවරණයටද සක්‍රීයව සහභාගි වෙමින් මැතිවරණ ව්‍යාපාරයට දැක්වූ සහයෝගය ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පසුපස ඇති බව බොහෝ දෙනාගේ අදහස වන අතර මීට පෙර 45 වැනි ජනාධිපතිවරයා වීමටද ඇගේ පෞරුෂය මනාව දායක කරගැනීමට ට්‍රම්ප් කටයුතු කළ බව බොහෝ තැන්වලදී දක්නට ලැබිණි.
ඇමරිකාවේ අවධානයට ලක් වූ 'ගබ්සා කිරීමට ඇමරිකාව තුළ ඇති අයිතිය සුරකින බවට' ජනප්‍රිය පොරොන්දුවක් දෙමින් මැතිවරණ වැඩසටහන් සඳහා මෙලනියා සක්‍රීයව මැදිහත් වූවාය. ඇමරිකාවේ ජනාධිපතිවරණවලදී කාන්තාවන්ට සහාය පළ කෙරෙන මෙවන් පොරොන්දු වඩාත් ආකර්ෂණීය පොරොන්දු ලෙස හැඳින්වේ. මෙලනියාගේ මෙම සක්‍රීය මැදිහත්වීම ඇයට මෙන්ම ජනාධිපති වූ ඇගේ සැමියාටත් ඝෘජුවත් වක්රවත් ප්‍රසාදයක් ඇති කර තිබිණි.
මෙලනියා යනු ස්ලෝවේනියානු සම්භවයක් සහිත නිරූපිකාවක සහ නිළියක වන අතර යුගෝස්ලාවියාවේ උපත ලැබූ තැනැත්තියකි. ඇය එරට පුරවැසිභාවය ලබන්නේ 2006දීය. Melanija Knavs ලෙස උපත ලද ඇය තිර ජීවිතය තුළදී The Slovenian SphinxFLOTUS ලෙස ජනප්‍රියව සිටි අයෙකි. Back in Action ඇය රඟපෑ සාර්ථක නිර්මාණ අතරින් එකක් වන අතර නිරූපිකාවක ලෙස ඇය ස්ලෝවෙනියාව, ප්‍රංශය සහ ඉතාලියේ කටයුතු කළ තැනැත්තියකි. ඇමරිකාවට සංක්‍රමණය වී ට්‍රම්ප් සමග විවාහ වී පුතකු බිහි කිරීමෙන් අනතුරුව ඇය එරට පුරවැසිභාවය ලැබූ බව පැවසේ.