lan englan tam

පුවත්

යාපනයට 'තිරුවල්ලුවර් සංස්කෘතිය මධ්‍යස්ථානය'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යාප­නයේ පිහිටි සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය 'තිරු­ව­ල්ලු­වර් සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය' ලෙස නම් කිරී­මට පිය­වර ගෙන තිබේ.

හින්දු ආගමිකයින් බෙහෙවින් ඇදහීමට සහ අගය කිරීමට කටයුතු කරන ශ්‍රේෂ්ඨ තිරුක්කුරල්හි රචකයා සහ ජනප්‍රිය ඉන්දීය දෙමළ කවි­යකු වූ මෙන්ම දාර්ශනිකයකුද වන තිරු­වල්ලුවර් වෙත උප­හා­රයක් ලෙස මෙම නම් කිරීම සිදු කිරීමට කටයුතු කර තිබේ.
ඇම­රි­කානු ඩොලර් මිලි­යන 12ක ඉන්දීය ප්‍රදා­න­ යටතේ ඉදි­ ක­රන ලද මෙම සංස්කෘතික මධ්‍ය­ස්ථා­නය උතුරු පළාතේ සම්ප්‍ර­දා­ය, කලා­ව සහ අභි­ලා­ෂ සුරැකීම පිණිස කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් සන්තෝෂ් ජා සහ බුද්ධ ශාසන, ආග­මික සහ සංස්කෘ­තික කට­යුතු ඇමති හිනි­ඳුම සුනිල් සෙනෙවි මහත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති උත්ස­ව­ය­කදී මෙම කටයුත්ත සිදු විය.
මහල් දෙකක් පුරා පැති­රුණු කෞතු­කා­ගා­ර­යක්, ප්‍රේක්ෂ­ක­යන් 600කට වැඩි පිරි­ස­කට අසු­න්ගත හැකි රංග පීඨ ශ්‍රව­ණා­ගා­ර­යක්, එක­ළොස් මහල් ඉගෙ­නුම් කුළුණක් සහ එළි­ම­හන් රංග පීඨ­යක් ලෙසද භාවිත කළ හැකි පොදු මහ­ජන චතු­ර­ස්‍ර­යක් යනාදී පහ­සු­ක­ම්ව­ලින් මෙම ඉදිකිරීම සම­න්විත වේ.

Back to top
Go to bottom