‘‘ මිනිසෙකුගේ ආත්මය පරිපූර්නත්වයට පත්කල හැක්කේ ආදරයට පමණි ‘‘
‘‘ සමාඡය හිතනව ඔවුන් පාලනය කරන්නෙ පාලනය වෙන්නෙ සදාචාරය නිසා කියල නෑ ඔවුන් පාලනය වෙනනෙ නීතියෙන් ‘‘
‘‘ අද පවතින මෙි නීති ක්‍රමය මිනීමැරැමකින් මිනිහෙක්ව වැරදි කරැවෙක් කරන්නෙ ඒ ඝාතනය නිසා නෙවෙයි ඔහු ගේ චෙිතනාව නිසයි චෙිතනාවයි නීතිය ඔප්පු කරන්න හදන්නෙ ඒක කොචිචර හරිද වැරදිද කියල හිතනවට වඩා අපි හිතන්න ඔන ඒක කොචිචර නීත්යානුකුලද කියල ? ‘‘
ස්තෙපාන් ඩැල්රි ගේ THE READER
ඉස්කොලෙ ගිහින් ගෙදර එන වයස අවුරැදු 15 ක කොල්ලෙකුට මගදි අසනීප වෙනව මිනිහ ඒ ළග තියෙන ගෙයක් ගාව බංකුවේ වාඩි වෙලා වමනය කරනව වැඩ ඇරිල මේ ගෙදරට එන වයස 45 ක් විතර ගෑනු කෙනෙක් මේක දකිනව ඇය බිම දාල තියෙන වමනෙ හෝදල ඔහුට දෙහි පොවල මේ කොල්ලව වත්තන් කරන් කොල්ලගෙ ගේ ගාවට ගිහින් දානව සති කිහිපයකට පස්සෙ ඔහු යනව තමන්ට උදවිකරපු මේ කාන්තාව බලන්න මල් මිටක් එහෙම අරන් ඔන්න ඔය විදිහට දෙන්න ලිංගික එකතුවීමක් දක්වා දුර යනව එක දවසක්
‘‘ අපි දැන් දවස් හතරක් එකට හිටිය මම තාම ඔයාගෙ නමවත් ඔයා තාම මගේ නමවත් දන්නෙ නෑ ‘‘
‘‘ මට ඇනා කියන්න ‘‘ ඔයා ?
‘‘ මම මයිකල් , මට මේ සම්බන්ධය අත අරින්න බෑ ! කොටින්ම මම දැන් ඉගෙණගන්නෙ පුදුම සතුටකින් ඔයා මාව අත අරින්න එපා “
‘‘ හරි ඒක සිද්ධවෙන්නෙ එක පොරොන්දුවක් පිට ඔයා මට ඉස්සෙල්ලම කියල දෙන්න ඔන කතාවක් ඊට පස්සෙ දෙවනුව අපි ලංගිකව එකට ඉමු ‘‘
කොල්ල ඉස්සෙල්ලම පටන් ගන්නව කියල දෙන්න ලෝකෙ ප්‍රථම විශිෂ්ටතම නවකතාවෙන් හෝමර්ගේ ඉලියඩි සහ ඔඩිසි පස්සෙ යුදධය හා සාමය, අපරාධය සහ දඩුවම ලේඩි චැටරියස් ලවර් ඔන්න ඔය විදිහට ඉතිං ඇය ඔහු පොත් කියවනව අහගෙන ඉන්නව සමහර දවස්වලට පොත්වල කදුලු එන තැන්වලදි ඇය කොල්ලට තුරැලු වෙලා ඉකිගහහ අඩනව සමහර සතුටු සහගත අවසානයන් තියෙන පොත් කියවනකොට ඇය ප්‍රීතියෙන් මුසපත් වෙලා ඔහුව බදාගෙන සිපගන්නව ඔන්න ඔහොම තමයි ඡිවිතය
එක්තරා සිද්දයක් නිසා හදිසියේ ඇය මේ නිවෙසින් කොල්ලටත් නොකිය අතුරැදහන් වෙනව ඊට වසර ගනනකට පස්සෙ මේ තරැණයා නීති ශිෂ්‍යයෙක් ඔහු යනව මාධ්‍යට තහනමි කල සුවිශේෂි නඩුවක් අහන්න ඒ නඩුව පවරල තියෙන්නෙ 1944 හිටිලර්ගෙ අවුටිවිටිස් වධකාරයෙන් එලියට අරන් ගිය හිරකාරියො 200 ක් පල්ලියක් ඇතුලෙ හිරවෙලා ගින්නට අහුවෙන්න මැරෙන්න ඇරපු ඒ වධකාගාරයෙ පාලිකාවො 6 කට විරැද්ධව ඒකෙ ප්‍රධාන පාලිකාව තමයි ඔහුව ඔහු නොදන්නා කාරනයක් මත අතරමංකර ගිය ඔහුගේ ප්‍රථම ආදරය ! ආදරණිය හැනා !
‘‘ අනිත් විත්තිකාරියො 5 දෙනා කියනව ඔබයි මේකට අණදුන්නෙ මේ තියෙන්නෙ ඔබ ඔවුනට දුන් ලියවිල්ල ඒක ලියල තියෙන්නෙ ඔබ ‘‘
‘‘ නැහැ ඒක බොරැවක් ඔය මගේ අත් අකුරැ නෙවෙයි ‘‘
‘‘ හොදයි එහෙනන් මම ඔබට දෙනව පෑනක් සහ කොලයක් ඔබේ අත් අකුරැ පරීක්ෂාවකට ‘‘
හැනා වින්ශ්චය කරැ ඉදිරියේ සසලව ගියාය. මෙචිචර උගත් පිරිසක් ඉදිරියේ තමාට කියවන්න හෝ ලියන්නට නොහැකි බව කීම ඇය ලැඡ්ඡාවට පත් කරන්නකි ඊට ඇගේ අභිමානය ඇයට ඉඩ දුන්නේ නැත . මරණය වුවත් කමි නැත. මට ලැඡ්ඡාවිය නොහැක.
‘‘ අවශ්‍ය නෑ ස්වාමීනී මමයි ඔය ලියවිල්ල ලිවිවෙ ‘‘
නීතිය ඇයට ඡිවිතාන්තය දක්වා සිර දඩුවමකට යටත් කලේය.ඇය එසේ වුවත් කොලුවා හිස සගවාගෙන උසාවියේ බංකුවක් මතට වී සිටියා මිස ඔහු නැගිට එක වචනයක් කීවේ නැත කීවානමි නමි ඇය නිදහස් ගැහැණියකි ඔහු එසේ කලේ නැත එය තම අනාගත දිලුලන ඡිවිතය සියතින් කුඩුපටිටමි කර ගැනීමක් ලෙස ඔහු සිතුවා විය හැක එවිට හැනා සෙමින් ඡිවිතයේ ඉතිරි කාලය ගත කිරීමට සිර කුඩුව වෙත පිය මැන්නාය.
ඔහුගේ ඡිවිතය ඔහු ඉල්ලා සිටි දෙය නොඅඩුව ලබාදුනි අධි නීතිඥ වෘත්තියක් ඉහළ සමාඡ තත්වයක් ඉහල සමාඡ තත්වයකින් විවාහයක් සහ දරැවෙක් නමුත් මුලු ඡිවිත කාලය පුරාවට ඔහු ගේ ආත්මය තුලින් යමි දොංකාරයක් ඇසිනි ‘‘ ඔයා අද මට මොකක්ද කියවන කතාව මගෙ කොල්ලෝ ‘‘
අවසානයේ ඔහු පරාඡය විය
සිර ගෙදර වසර 20 කට පසු හැනා නමට ටේප් රොකොඩරයක් සහ කැසටි පටි කිහිපයක් කිසිවෙකු විසින් එවා තබිනි සිය කුඩුවට ඒවා රැගෙන ගිය හැනා එක් කැසටි පටියක් දමා රෙකෝඩරයේ බොත්තම එබුවාය
‘‘ ඔයාට මතක නැතුවද දන්නෙ නෑ මම ඔයාට ආයිමත් කියන්න පටන් ගන්නව හොමර්ගෙ ඉලියඩි සහ ඔඩිසි ‘‘
උපාලි ජයසිංහ