Mirrorarts-28 දා බත්තරමුල්ල,පැලවත්ත 'අපේ ගම' පරිශ්‍රයෙදි විශාරද පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් සංගීත ආශ්රමයක් ඉදි කරන වැඩ සටහන පවත්වනු ලැබුවේ ජනාධිපතිවරයා ඇතුළු එම කටයුත්තට මූලික වූ අමාත්‍යවරු පිරිසක් සහ කලාකරුවන් සමගය.
මෙහිදී ආරාධිත කලාකරුවන් අතර අමරදේවයන් සමග මුල් යුගයේ සිටම ගී ගැයූ විශාරද නන්දා මාලිනියද විය. ඇය ජාතියේ මහා ගායිකාව ලෙස ජනතා ගෞරවයට බුහුමණට ස ආදරයට ලක්වූ ගායිකාවයි. මෙම උත්සවය සඳහා අමරදේවයන්ගේ පවුලේ අය ද සහබාගිවූ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙහිදී කතාවක් ද කරනු ලැබීය.
චාරිත්‍රාණුකූලව මුල්ගල තබන මොහොතට එලැඹෙමින් තිබුණි. ජනාධිපතිවරයාගේ සුරතින් මුල්ගල තබන්නට සියළු කටයුතු සූදානම් කර තිබියදී c මෛත්‍රිපාල සිරිසේන මහතා අසල සිටි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා දූතයෙකු ලෙස පත්කොට විශාරද නන්දා මාලිනිය අසලට එවන ලදී.
ජනාධිපතිතුමාගේ ආරාධනාවට ගරු කරමින් නන්දා මාලිනී ජනාධිපතිවරයා සමීපයට ගියා. නන්දා මාලිනිය අතට මුල්ගල ලබාදුන් ජනාධිපතිවරයා ඇයට ප්‍රමුඛතාවය දී පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතාශ්රමයට මුල්ගල තැබුවා.
.ඉන්පසු තවත් සිදුවීමක් සිදුවුනා. ජනාධිපතිවරයා සඳහා සුවිශේෂී පීඨිකාවක් ඔහුගේ කතාව වෙනුවෙන් ඉදිකර තිබුනා. මැති ඇමතිවරු සඳහා වෙනත් පීඨිකාවක් තිබුනා. මැති ඇමතිවරු ඔවුන්ගේ පීඨිකාවට ගොස් කතා කළා.ජනාධිපති ආරක්ෂක අංශයේ කිහිප දෙනෙක් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පණිවිඩ දෙක තුනක් අරන් ආවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඒ හමෙවෙලාවකම ඔවුන් ප්‍රකාශ කළ යම් දෙයක් ප්‍රථික්ෂේප කළා. අවසානයේ ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක් ඇවිත් මහාචාර්ය තුමාට යමක් පැවසුවා. මහාචාර්යතුමා නැගටලා ගියා ජනාධිපතිතුමාට වෙන්කර තිබූ සුවිශේෂී පීඨිකාවට.
"මම මේ පිීඨිකාවට ගොඩවුනේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට.නැතිනම් මෙැන ඉන්න අය බලයි මම මෝඩයෙක් වගේ මේ පීඨිකාවට නැග්ගෙ මොකද කියලා.
පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගොඩ නැගෙන සංගීතාශ්රම උත්සවෙයේ ප්‍රධාන ආරාධිතයා ජනාධිපතිතුමා වුවත් ප්‍රමුඛත්වය ලැබිය යුතු සැබෑ කලාකරුවන්ට ප්‍රමුඛත්වය ලැබුනේ ඒ වෙිදිහට.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ට ත් නන්දා මාලිනීටත් පණ්ඩිත් අමරදේවයන්ගෙ සංගීත ආරාමයේ උත්සවයට ගිහින් වෙච්ච දේ ඔන්න ඔිකයි.
ජනාධිපතිවරයා එහෙම කළා කියලා කව්රුහරි සැකකරනවානම් මේ කලාකරුවන් දෙදෙනා සිය ප්‍රථිපත්ති පසෙකලා හෙට සිට ජනාධිපතිවරයාගේ දේශපාලනයට සහයෝගය දක්වනවා කියලා ... එය එසේ නොවන බව දන්නෝ දනිති.