“මුලින්ම මම අධ්‍යාපනය හැදෑරුවේ බ/ලුණුගල මාධ්‍ය මහා විද්‍යාලයෙන්. මගේ කලා කටයුතු වලට මුල්ම අඩිතාලම වැටුනේ එම පාසලෙන්. ඒ වගේම මගේ පවුලේ අය තමයි මගේ හැකියාවන් අදුරගෙන මාව දීරීමත් කළේ. මම ඉස්කෝලේ ඉස්සෙල්ලාම තුනේ පන්තියේ ඉද්දි මට මතකයි මට දියසායම් පෙට්ටියක් තෑගි දුන්නේ මගේ සීයා කෙනෙක්.ඒ තමයි මම පින්සලක් අතට ගත්තු මුල්ම දවස.ඉන්පස්සේ සුමිත් ප්‍රියන්ත සර් තමයි මගේ චිත්‍ර කලා මුල්ම ගුරුවරය වුණේ. ඔහු තමයි මහන්සි වෙලා මට මේ තැනට එන්න පාර පෙන්නුවේ.
මහේෂිකා ගුරුතුමිය මම හයේ පන්තියේ ඉඳලම පාසලේ සමිති සමාගම් වලත් කලා කටයුතු වලටත් සම්බන්ධ කළා . පස්සේ මම අටේ පන්තියට එනකොට මට තේරුණා ආලේඛ්‍ය චිත්‍ර ( ප්‍රතිරුප ) අංශයෙන් ඉදිරියටම යන්න පුළුවන් කියලා. ඊළගට මම දහය පන්තියේදී හීල් ඔය ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළු වුනා. එහිදී තමයි කුමුදුනි ගුරුතුමිය විසින් මා තරඟ සඳහා සහාභාගී කළේ. එතුමිය මා සමස්ත ලංකා මට්ටමටම ගෙන ආවා. ඉන් පස්සේ දිගටම මම ප්රතිරූප අංශයෙන් ඉදිරියටම ගියා.”
බණ්ඩාරවෙල මධ්‍යමහා විද්‍යාලයේ ඉගෙනුම ලබන විතානගේ තාරුක ගයාෂාන් පෙරේරා නම් වූ පුංචි පාසල් සිත්තරා මට හමු වන්නේ ,මුහුණු පොත හරහා අහඹු ලෙසිනි. මෙම සිසුවාගේ පැන්සල් තුඩින් නිමවූ මනරම් කලා සිතුවම්, ඔහු ජීවමාන චරිතයන්ට ජිවය දී ඇති අපූරුව දුටු කිසිවකු එම නිර්මාණ දෙස නැවත වරක් හැරී නොබලනවා නම් පුදුමය. එතරම්ම ඔහුගේ හැකියාවන් අති විශිෂ්ඨය.
මේ සා දක්ෂ නිර්මාණ බිහිකිරීමේ නිර්මාණ අයිතිය හිමිවන්නේ පාසල් සිසුවකුට බව කීවොත් ඔබ මා හා එකඟ නොවනු ඇති. මෙම නිර්මාණ දුටු විට මා දෙනෙත්ද අදහා ගත නොහැකි විය. එසේනම් ඔහුගේ ඉදිරි අනාගතය පැහැදිලිය. සිදුවිය යුත්තේ සුදුස්සාට සුදුසුතැන හිමිවීම නොවෙයිද ? මෙවැනි කලාකරුවන් අප රැකගත යුතුම වන්නේය.
“මම දැන් උසස් පෙළ සඳහා ඉගෙනුම ලබන්නේ බ/බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ. මෙහෙදී මට මුණගැසුණු පාමානි ගුරුතුමිය පවා මට ගොඩාක් උදවු කරනවා . මේ නිසා පාසලෙන්,කලාප මට්ටමෙන් හා පළාත් මට්ටමෙන්ද මාව කැපී පෙනුනා. දැනට මම ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබනවා. පාසලෙත් පොදු ස්ථාන වගේම විවිධ වූ බාහිර සමාජයේත් මම විවිධ නිර්මාණ කරලා තියෙනවා. ඒ අතරින් පාසලේ විද්‍යා අංශයේ මා විසින් අඳින ලද බිතුසිතුවම මට විශේෂයි. පැන්සල් මාධ්‍ය හා දිය සායම් මාධ්‍ය ප්‍රධාන වශයෙන් භාවිතා කරලා තමයි මං මේ නිර්මාණ කරන්නේ. ඒ වගේම තමයි මම විනෝදාංශ වශයෙන් නවකතා ලියනවා,කවි ලියනවා,ගීත රචනා කරනවා. මගේ ජීවිතය කලාවත් එක්ක හිමින් සැරේ ඉදිරියටම ගාලාගෙන යනවා.
ඒ වගේම මට මේ ගමන එන්න බෙහෙවින්ම කැපකිරීම් කළේ මගේ අම්මයි තාත්තයි . ඔවුන් දෙදෙනාගේ කැප වීම දිරිමත් කිරීම නිසයි මම අද මේ තැන ඉන්නේ. එයාල තමයි මට තවම මේ සියල්ල සඳහා වියදම් දරන්නේත්. ඒ වගේම මෙම පාසලේ විදුහල්පති තුමා ඩි. එම් රණතුංග මහත්මා ,අංශ ප්‍රධාන ලලිත් රවින්ද්‍ර ගුරුතුමා වගේම පාසලේ මේ සඳහා මට අත හිත දුන් සියලු ගුරු මහත්ම මහත්මීන් ,පාසලේ මුතුරු මිතුරියන් නෑදෑ , යහළු, හිත මිත්‍ර, සහෝදර යන සෑහෙන්න පිරිසක් අද මම මේ ඉන්න තැනට එන්න ගොඩක් උදවු කරලා තියෙනවා . ඒ සියලු දෙනාටම ස්තූති කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා.
මම ආසයි දවසක වෙනස්ම අකාරයෙන් මිනිසුන්ට කලාත්මක දෙයක් දෙන්න. මම විශ්වාස කරනවා ඒ දේ මට කරන්න පුළුවන් කියලා. තවද මම සෑහෙන්න තැන් වලින් ප්‍රතික්ෂේප වූ චරිතයක්. සමාජ ජාල වෙබ් අඩවිය ( මුහුණු පොත ) තුළින් මාධ්‍ය විසින් මගේ හැකියාවන් හදුනගත් නිසා තමයි මට අද මේ වගේ අවස්ථාවක් හිමිවී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් ප්‍රියංගි මිස් ට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.”
සෙනෙවිතිස්ස පුර , ලුණුවිල යන ලිපිනයෙන් හෝ 0769 358 681 යන දුරකථන අංකයෙන් මේ පුංචි සිත්තරාව සම්බන්ධ කරගන්න ඔබටත් පුළුවන්.
සටහන හා ජායාරූප - ප්‍රියංගි ජයසිංහ