ඇගේ නිර්මාණශිලී වචන පෙල එක් මොහොතකින් ඇය ලොව ඡනප්‍රියම කාටුන් ශිල්පිනියක් බවට පත්කල අතර ඒ මොහොතේ සිටම ඇගේ හිසට උඩින් අසිපතක් ද වැනෙමින් තිබුනේය.
ස්වාති වඩිලාමූදි Swathi Vadlamudi
ඇය හයිද්‍රාබාද්හි ඡන මාධ්‍යවේදිනියකි. ඒ මොහොතේ ඉංදියාවේ ඡනමාධ්යවේදීන්ගේ ප්‍රධාන පුවත වුයේ කාෂ්මීරයේ අට හැවිරිදි අසීෆා බානෝගේ දූෂකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව හිංදු ඡනතාව පෙළඹවු ඊට නායකත්වය දුන් භාරතීය ඡනතා පක්ෂයේ දේශපාලකයන් දෙදෙනා ගැනය. ඒ අප්‍රේල් 14 දා ඇය සිය Face Book ගිනුම හරහා කාටුනයක් මුදාහැරියාය.
එහි සිටියේ සීතා දේවිය සහ රාම කුමරැයි. සීතා දේවිය අත පුවත් පතකි.එහි සිරස්තලය කෝවිලක් තුල දැරියක් දූෂණය කරයි යනුවෙන් සටහන්ය. ඇය රාම දෙසට හැරී මෙසේ කියයි. '' මං සතුටුවෙනව ඔයාගෙ මිනිස්සු මාව උස්සන් නොගිහින් රාවනා මාව උස්සන් ගිය එක ගැන ''
ඇය පහර දුන්නේ අසීෆා දූෂණය කල හිංදු භක්තියන්ටය. ඇය පහර දුන්නේ එකී හිංදු භක්තියන් ආරක්ෂාකරන භාරතීය ඡනතා පක්ෂ හිංදු දේශපලකයන්ටය. නමුත් පහර වැදී තිබුනේ සමස්ථ ඉංදියාවේම දැඩි මතධාරී හිංදුවරැන්ටය. එය කන රත්වෙන්නම වැදී තිබිණි.
ඒ රාත්‍රියේ සිට ඇයට දසතින් මරන තර්ඡන ගලා එන්නට විය.
ඊට දින දෙකකට පසු හයිද්‍රබාද්හි හිංදු Sanghatan සංගමයේ සභාපති ඇයට එරෙහිව නඩුවක් පැවරීය. එහි චෝදනාව වුයේ ස්වාති සමස්ත හිංදුන්ගේ හැගීමිවලට නින්දාසහගත ලෙස අපහාස කර ඇති බවයි.
මේ පිළිබදව ඇය තෙළිගු භාෂාවෙන් BBC ය නියෝඡනය කරන ප්රිතාවි රාඡ්ට මෙසේ පවසා තිබිණි.
'' මගේ නැවත හැරීමක් නැත.මේ තර්ඡන මට ශක්තියකි. නිකන් හිතන්න කාෂ්මිරේ පුංචි කෙල්ලව මේ හිංදුවරැ දූෂනය කරපු අමානුෂික විදිහ. මේ මිනිස්සු භාරතීය ඡනතා පක්ෂෙ මිනිස්සු. උනෝවල 17 ක කෙල්ලක් දූෂනය කලා. භාරතීය ඡනතා පක්ෂෙ නීතිඥයෙක් ඇය පසුව දිවි නසා ගත්තා යැයි කිව්වා. දැන් මේ මිලේචිච දුෂකයන්ව ආරක්ෂා කරන්නෙත් භාරතීය ඡනතා පක්ෂෙ ඇමැතිවරැ. නිකන් හිතන්න සීතා දේවියව මුන්ට අහුවුනානමි ඉතුරැ වෙයිද ?
මේ දිනවල ස්වාතිගේ පවුලේ අය ස්වාතිගේ ආරක්ෂව වෙනුවෙන් දැඩි විමසිල්ලෙන් සිටිති. ඒ ඇයි....? 1992 සිට මේ දක්වා මෙවැනි මාධ්‍යවේදින් 27 ක් ඝාතනය කල රටකි... ඉංදියාව....
උපාලි ජයසිංහ