Blue Is the Warmest Colour
Love is Love
ආදරේට ජාතියක්, ආගමක් ,වයසක් ,පාටක් අදාල නෑ කියන හුඟක් මිනිස්සු ගොලුවෙන තැනක් එහෙම නැත්නම් අමතක කරන තැනක්..ආදරේට ලිංගභේදයක් නෑ කියන එක..
සංස්කෘතිය හරි සදාචාරෙ හරි මොකක්ම හරි ඉස්සරහට දාල අමතක කරන හරි බලෙන් අමතක කරවන හරි කාරණයක්...lesbian එහෙම නැත්නම් gay කියපු ගමන් ඒක නිල් (blue) වගේ පේන එකනෙ සාමාන්‍ය .Blue Is the Warmest Colour කෙල්ලො දෙන්නෙක් අතරෙ ඇතිවෙන ඒ ආදරේ . සාමාන්යෙන් අහම්බෙන් දැකල කතා බහ කරල අදහස් හුවමාරු කරන් ඒක ආදරේ දක්වා දුර යන එකනෙ විදිය .ඉතින් මේ ප්‍රංශ කෙල්ලො දෙන්න අතරෙ ඇති වෙන බැඳීම ආදෙරේ නොවෙන්නෙ කොහොම ද ...කතාව මුල් භාගයේදිම මෙහෙම දෙයක් කියනවා..
"ඔයා ලැබෙන ආදරේට ආදරේ කරන්න..
ඒකට ලිංග භේදයක් නෑ
ඔයා ඒකෙන් සතුටු වෙනවනම් ඒ ඇත්තම ආදරේ "
(Love has no gender. Take whoever loves you. Whatever makes you happy.Who cares,True love)
ඔයා සතුට හොයන් යන්න ඕන ...එක කෙල්ලෙක් එහෙම කියනව...ඉතින් මං ඉන්නෙ සතුටෙන්...මේ තමයි ජීවිතේ ....අනික් කෙල්ල උත්තර දෙනවා
"I'm happy, Im happy with you like this, It's my way of being happy."
ආදරේ නිසාම ඇතිවෙන ඉරිසියාව ඇති වෙන්න පුලුවන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර විතරක්ම නෙවේ..ආදරේ නිසා හිත් බිඳෙන්න පුලුවන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර විතරක්ම නෙවේ.. කඳුලු පෙර පෙර කෙල්ලෙක් අඬන්නෙ කොල්ලෙක් නිසා හිතක් බිඳුනම විතරක් නෙවේ.
Margarita With A Straw ෆිල්ම් එකේ එක දෙබසක් blue is the warmest colour බලනකොට නිතර මතක් වුණා.....ඒක අමතක කරන්නම බැරි කොටසක්
ඩිසේබල් වෙච්ච ඉන්දියන් කෙල්ලක් ඒ ඩිසේබල් වුණ එක නිසාම තමන්ට ඇති වෙන ශාරිරික හැඟීම් එක්ක අසරණ වෙනවා..ඒ කෙල්ල තවත් කෙල්ලෙක්ට ආදරේ කරනවා ඇස් පෙන්නෙ නැති කෙල්ලෙක්ට..තමන්ගෙ පෙම්වතිය ගැන අම්මට කියන්න හදනවා.
අම්මෙ මං බයි කෙනෙක් වෙලා
ඒ මොකක්ද?
අම්මෙ මම ඛානුම්ට ආදරෙයි
ඉතින් අපිත් ඒ ළමයට ආදරෙයිනෙ
නෑ අම්මෙ එහෙම ආදරයක් නෙවේ ..එයා මගෙ පෙම්වතිය
ශිට්.කවුද ඕව ඔයාගෙ ඔලුවට දැම්මෙ..අසාමාන්‍ය දේවල්
ලෝකයා ඩිසේබල් මං ගැනත් කියන්නෙ අසාමාන්‍යයි කියල නේද..ඉතිම් මං සාමාන්‍ය වෙන්නෙ කොහොම ද
ඒ ඉන්දියන් කතාවක්..ඉන්දියන් උනත් ප්‍රංශ උනත් ලංකාවෙ Frangipani වගේ චිත්‍රපටත් ඒහැම එකකම කතා කරේ අසම්මත දෙයක් ද
Moonlight කියන අමෙරිකානු චිත්‍රපටයෙ අවසානෙට ...
බ්ලැක් කෙවින්ට මෙහෙම කියනවා
You are the only man that's ever touched me.
I haven't really touched anyone
ඒ හැම වචනයක් ගානෙම තිබ්බෙ අසම්මත දෙයක් ද? ආදරේ නෙවේද.....ඒ වචනවලට gay හරි ලෙස්බියන් හරි ලේබල් එක ගහන්න පුලුවන්ද ...
Blue Is the Warmest Colour, බලන්න කියල රෙකමන්ඩ් කරන් නෑ...ඒත් ආදරේට ලිංගභේදයක් නෑ කියල විශ්වාස කරන අය බලන්න.
Wednesday Film Circle