පුංචි තිරයෙන් රිදී තිරයට එන්න අදහසක් තියෙනව ද ?
එ්ක අපි කාගෙත් හීනයක්නේ පුංචි තිරයෙන් රිදී තිරයට එන එක. මටත් අවස්ථාවක් ලැබුණොත් ඒක මට කරන්න පුළුවන් නිර්මාණයක් නම් මගේ capacity එකේ තියෙන නිර්මාණයක් නම් සහ හොඳ වැඩක් නම් මම හරිම ආසාවෙන් ඉන්නවා ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න.
ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ ගැනත් කියමු.
දැනට මම කරනවා සිහින වර්ෂා ඩ්‍රාමා එක. ඊට අමතරව තව ඩ්‍රාමා එකක් ඉදිරියේදී ප්ලෑන් කරගෙන යනවා. තව කරපු නිර්මාණයක් තියෙනවා එන්න. පුංචි තිරයෙන් රිදී තිරයට යන්න ආසාවක් තියෙනවා සහ ඒ ගැන පොඩි project එකක් මේ දවස්වල කතා වෙමින් යනවා. ඒක කොහොම වෙයිද කියලා දන් නෑ ඉස්සරහට. ඒ වගේම තමයි මම ජාතික රූපවාහිනියේ වැඩ කරන්නේ. මට බොහෝ වෙලාවට ජොබ් එක නිසාත් රඟපෑම මඟ හැරෙනවා. මොකද කාල වේලාව මදි නිසා.
ආකාශ්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක් ද කියන්න තියෙන්නේ ?
අපිව ඉස්සරහට ගෙනියන්නේ ප්‍රේක්ෂකයෝ. ඒ අය මගේ නිර්මාණ බලලා මට කවදාවත් bad comments දීලා නෑ . මට හොඳ ප්‍රතිචාරම තමයි ඇවිත් තියෙන්නේ. හැබැයි මම නිර්මාණ ගොඩක ඉඳලත් නැහැ. පොඩි නිර්මාණ ටිකක තමයි ඉඳලා තියෙන්නේ. ඒ කරපු නිර්මාණ අතරේ හැම එකකටම වගේ ගොඩක් අය හොඳ කියනවා. රොකී ඩ්‍රාමා එකේ ක්‍රිෂ් කියන චරිතයෙන් මිනිස්සු මාව වැලද ගත්තේ. ප්‍රේක්ෂකයෝ නිසයි අපි ජීවත් වෙන්නේ. අපි ඉස්සරහට යන්නේ. ඉතින් මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ
ඉදිරියේදී එන මගේ නිර්මාණ රසවිදින්න කියලයි.
- rasanduna -



